ඔමික්‍රෝන් නිසා නවසීලන්ත අගමැතිනිය විවාහ මඟුලත් අවලංගු කරයි

කොවිඩ් ඔමික්‍රොන් ප්‍රභේදය වේගයෙන් පැතිර යාමේ තත්වය මත, නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩෙන් තම විවාහ මංගල්‍ය උත්සවය අවලංගු කළ බව අද(23) නිවේදනය කළාය.
ඔමික්‍රොන් ප්‍රභේදය රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම මත සංචරණ සීමා කිරීම් දැඩි කර ඇති අතර ඇය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මුව ආවරණ නීති සහ සීමිත ජන ඒකරාශී වීම් ද ප්‍රකාශයට පත් කොට තිබිණ.
මෙම නව සීමාවන් විස්තර කරන අතරතුර, ආඩෙන් පැවසුවේ, “මගේ විවාහ මංගල්‍යයේ කට ඉදිරියට නොයනු ඇත.” යන්න ය.නව නීති වලට අනුව සීමිත ජන ඒකරාශී වීම් සම්පූර්ණ එන්නත් සම්පූර්ණ කළ පුද්ගලයින් 100කට සීමා වෙයි.තම සහකරු සමඟ විවාහ ගිවිස ගෙන සිටි මුත් මෙතෙක් විවාහ වී නොමැති නවසීලන්ත අගමැතිනිය 2018 වසරේ ජූනි මස 21 වනදා ඕක්ලන්ඩ් රෝහලක දී තම කුළුදුල් දියණිය බිහි කළාය.ඒ තම නිල කාලය තුළ දී දරු ප්‍රසූතියක් සිදු කළ ලොව ප්‍රථම රාජ්‍ය නායිකාව ලෙස ලෝක වාර්තාවක් ද තබමිනි.ඇය එම දරු ප්‍රසූතිය උදෙසා තම තනතුරේ කටයුතු නියෝජ්‍ය අගමැති වින්ස්ටර් පීටර්ස්ට පවරා සති හයක් නිවාඩු ගෙන තිබිණ.

කාලීන පුවත්