ඕටිසම් යනු දරුවන් කොන් කළ යුතු රෝගයක් නොවන බව ලොවට කියා පෑ පුංචි දිය කිඳුරිය ජියා රායි ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම සිට දකුණු ඉන්දියාවේ දනුෂ්කොඩි දක්වා කිලෝ මීටර් 27 ක් පමණ දුරක් පැය 13 ක් තුළ පිහිනූ දැරියක පිළිබද පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. ජියා රායි නම් වූ මෙම දැරිය 13 හැවිරිදි වියේ පසු වන්නීය. ජියා රායි දැරියගේ ඇති විශේෂත්වය වන්නේ ඇය උපතින්ම ඕටිසම් නම් වූ සංකූලතාවයෙන් පෙළෙන දැරියක වීමයි.
සාමාන්‍යයෙන් ඕටිසම් වැනි රෝග තත්වයන් සහිත දරුවන් සමාජයට යන්නට නොදී සගවා ගන්නා යුගයක මෙලෙස තම දක්ෂතා දක්වමින් මුළු ලෝකයේම අවධානය දිනා ගන්නට සමත් වීම, ඕටිසම් යනු ලෝකයෙන් සැඟව සිටින්නට සිදුවන සංකූලතාවක් නොවන බව ලෝකයට කියා පාන්නට උත්සාහ දැරීමකි.
Autism spectrum disorder ASD නොහොත් ඕටිසම් යනු දරුවන්ගේ හැසිරීමේ සහ සංවර්ධනයේ ඇතිවන සුවිශේෂී වෙනස්කම් ලෙස සරලව දැක්විය හැකිය. මෙය ස්නායු රෝගී තත්වයක් වන අතර දරුවෙකුගේ ජීවිතයේ මුල් අවුරුදු තුන තුළ මෙම සංකූලතාවයේ මූලික ලක්ෂණ හදුනාගත හැකි ය.
නමුත් මෙය දිගුකාලීන ආබාධිත තත්වයක් ලෙසත්, ප්රතිකාරවලින් යථා තත්වයට පත් කළ නොහැකි ලෙසත් දෙමාපියන් විසින් මිතථයාවක එල්බ සිටීම නිසා මෙම තත්වය තවදුරටත් වර්ධනය වනවා මිස එය පාලනය කර ගැනීමට හැකියාවක් නොලැබේ. මේ නිසා මෙවැනි දරුවන්ගේ ක්‍රියාකාරකම් දෙස ප්‍රවේශමෙන් සහ පරීක්ෂාවෙන් නිරීක්ෂණය කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් මෙම තත්වයෙහි ධනාත්මක වෙනසක් ඇති කරගත හැකි බව කිව යුතු ය.
මූලික වශයෙන් මෙම තත්වය හඳුනාගත හැකි වන්නේ දරුවන්ගේ සමීපතමයන් වන දෙමාපියන්ට පමණි. එය ද දරුවන්ගේ ක්‍රියාකාරකම් දෙස සමීප ලෙස නිරීක්ෂණය කිරීමෙන් විනා වෙනයම් ක්‍රමයක් ඒ සදහා නොමැත. මේ නිසා මෙවැනි තත්වයන්ගෙන් පෙලෙන දරුවන් සමාජයට යොමු කිරීමේ වගකීම පූර්ණ වශයෙන්ම තිබෙන්නේ දෙමාපියන් සතුව ය.
ඕටිසම් තත්වයෙන් පෙලෙන දරුවන්ට පාසල් අධ්‍යාපනය ලැබීමේ අපහසුතා ඇති විය හැකි වුවද එවැනි දරුවන් වෙනත් විවිධ ක්ෂේත්රවල විශාල දක්ෂතා පැහැදිලි ලෙස පෙන්වන බව මේ පිළිබදව පර්යේෂණවල නිතර වූ වෛද්‍ය පර්යේෂකයෝ ප්‍රකාශ කරති. උදාහරණයක් ලෙස මෙම ලිපිය ආරම්භයේ දී පවසා ඇති ජියා රායි දැරිය ද ඉතාම අතලොස්සකට පිහිටන ආකාරයේ අති සුවිශේෂී කුසලතවකින් යුතු දැරියක බව අමුතුවෙන් කිව යුතු නොවේ.
පහුගිය කාලයේ ඇමෙරිකානු වෙබ් අඩවියක ඕටිසම් සංකූලතාවයෙන් යුතු ඇමෙරිකානු දරුවෙකු හට එකම අවස්ථාවක ඇස් දෙක උපයෝගී කර ගනිමින් පොත් දෙකක් කියවිය හැකිව තිබූ බව ද වාර්තා වී තිබිණි.
එය ඔඕටිසම් තත්වය නිසාම එකී දරුවාට ලැබී තිබූ සුවිශේෂී කුසලතාවකි. එසේම ලෝකයේ බුද්ධිමත්ම පුද්ගලයා ලෙස හැදින්වෙන ලෝක ප්‍රකට විද්‍යාඥයෙකු වූ ඇල්බර්ට් අයින්ස්ටයින් ද ඕටිසම් සංකූලතාවයෙන් පෙළුණු පුද්ගලයෙකු බව විවිධ අවස්ථාවල වාර්තා වී තිබේ.
පාසල් අධ්‍යාපනයෙන් ඔබ්බට ඇත්තා වූ විවිධ ක්ෂේත්රවල විවිධ දක්ෂතා ඇති දරුවන් බිහි වන්නේ ඕටිසම් වැනි සංකූලතා සහිත දරුවන් අතරින් බව ඇමෙරිකානු වෛද්‍ය විද්‍යාඥවරියක සහ සමීක්ෂණ උපදේශිකාවක වන ආචාර්ය කැත්රින් ලෝඩ් විසින් කොලොම්බියා හෙල්ත් එඩියුකේෂන් නම් වෙබ් අඩවිය සමග සිදු කරනු ලැබූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබිණි.
විශේෂයෙන්ම විවිධ ක්‍රීඩාවල සුපිරි දක්ෂතා මෙන්ම කලා ක්ෂේත්රයේ විශේෂ කුසලතා දක්වන්නන් අතර බාල වියේ දී ඕටිසම් තත්වයන් සහිත දරුවන් වැඩි වශයෙන් සිටි බව ඇය විසින් සිදු කරනු ලැබූ සමීක්ෂණවලින් හෙලි වී ඇති බව ද තවදුරටත් ඇය එහිදී ප්‍රකාශ කර තිබිණි.
1980 දශකයේ ඇමෙරිකාවේ දරුවන් 32 දෙනෙකුගෙන් එක් අයෙකු ඕටිසම් සංකූලතා ප්‍රකාශිත වූ අතර 2020 වෛද්‍ය සමීක්ෂණවලට අනුව එය දරුවන් 68 දෙනෙකුගෙන් එක් අයෙකු දක්වා අවම වී තිබේ. එයට හේතුව වන්නේ ද ඇමෙරිකානු දෙමාපියන් සිය ඕටිසම් දරුවන් සමාජයෙන් වසන් කර නොතබා ඔවුන් හට නියමිත ප්‍රතිකාර ලබා දෙමින් මෙකී සංකූලතාව තුරන් කිරීමට දරණ උත්සාහය බව කිව යුතු වන්නේ නැත.
නමුත් ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල බොහොමයක් දෙමාපියන් දරුවන් කෙරෙහි දක්වන දැඩි ආදරය නිසාම ඔවුන්ට සමාජයෙන් අපහාස සහ අපවාද එල්ල වේ යැයි බියෙන් එවැනි තත්වයන් සහිත දරුවන් සමාජයෙන් වසන් කිරීමට දරණ උත්සාහය නිසාම මෙකී තත්වයේ වර්ධනයක් මිස එය අවම වීමක් මේ තාක් සිදු වී නැති බව කිව යුතු ය.
දුලංජලී මුතුවාඩිගේ