ඖෂධ මිල සියයට 29 කින් වැඩි කිරීමට අනුමැතිය

වර්තමානයේ පැන නැඟී ඇති විනිමය අර්බුදය හමුවේ ඖෂධ මිල සියයට 29 කින් වැඩි කිරීමට මිල පාලන කමිටුව අනුමැතිය ලබාදුන් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.ඇතැම් ඖෂධ ගෙන්වීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට මුදල් අමාත්‍යාංශය අවශ්‍ය පහසුකම් සලසාදී ඇතැයිද රාජ්‍ය අමාත්‍ය වරයා කීවේය.රට තුළ කෘත්‍රිම ඖෂධ හිඟයක් නිර්මාණය වූයේ ඖෂධ මිලේ ඉහළ යාමක් අපේක්ෂාවෙන් ඇතැම් සැපයුම් කරුවන් ඖෂධ තොග රඳවාගෙන සිටීම නිසා යැයි රාජ්‍ය අමාත්‍ය වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කාලීන පුවත්