කංසා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට අදාළ සියලුම නීතිමය කටයුතු සකස්කර අවසන් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේදී 2023 අයවැය විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
අයවැය විවාදයෙන් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.