කතරගම වන්දනාවේ එන බැතිමතුන් තම ආධාර එහි බස්නායක නිලමේවරයාගේ කාර්යාලයට යොමු කිරීමත් සමඟ එහි තේවාව සිදු කරන කපු රාලලා අතට වාර්ෂිකව පත් වූ රුපියල් කෝටි 60කට අධික (මිලියන 600) ආදායමක් අහිමි වන බවත් කපු රාලලා 10 දෙනකු කතරගම තේවාව භාරව කටයුතු කරන අතර, ඒ අනුව වසරකට එක් කපු රාල කෙනෙකුට ආසන්න වශයෙන් රුපියල් කෝටි 6ක මුදලක් අහිමි වන බවත් හෙළි වී තිබේ.මේ බව අනාවරණය වී ඇත්තේ .පසුගියදා විගණකාධිපතිවරයාගේ උපදෙස් මත මොනරාගල පිහිටි විගණන කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් කතරගම දේවාලයට ගොස් සිදු කළ විගණන පරීක්ෂාවේ දීය.කතරගම දේවාලයේ කපු රාලලා අතට පත් වන මුදල් සහ වටිනා භාණ්ඩ ඔවුන් ගේ පෞද්ගලික පරිහරණය සඳහා යෙදවෙන අතර බස්නායක නිලමේවරයාගේ කාර්යාලයට යොමු වන ආධාර විනිවිද භාවයෙන් යුතුව රෝගී සත්කාරක සේවා ආදිය සඳහා යෙදවෙන ආකාරය සම්බන්ධයෙන් මේ වන විට ජනතාව දැනුවත් ව ඇතැයි පවසන එහි බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසනුයේ කතරගම දේවාලයේ ආධාර විධිමත්ව නියාමනය වන ආකාරය මෙම විගණනය මඟින් අනාවරණය වන බවකි.එමෙන්ම නිලමේවරයා ප්රකාශ කළේ රජයේ අනෙක් ගිණුම් කටයුතු විගණනය වන්නා සේම දේවාලයේ ගිණුම් කටයුතු ද විගණනය විය යුතු බවකි.