කතෝලික සභාව කියන්නේත් ජනාධිපති ඉල්ලා අස්විය යුතු බවයි

ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කරමින් ගාලු මුවදොරදී පැවැත්වෙන සාධාරණ ජනතා විරෝධතාවයට කතෝලික සභාව සහයෝගය දක්වන බවත් කතෝලික සභාව ද ජනාධිපතිවරයා ඉවත් විය යුතුමය යන ස්ථාවරයේ සිටින බවත් එහි මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා කියයි. කතෝලික සභාව ද එම විරෝධතාවය ක්‍රියාත්මක කරන පිරිස පසෙකින් සිටින බවත් විරෝධතාවය තුළට පිවිස ආගමික කටයුතු කිරීමේ කිසිදු සූදානමක් කතෝලික සභාව තුළ නොමැති බවත් සිරිල් ගාමිණී පියතුමා කියයි.හෙට(16)පාස්කු ඉරුදින ආගමික වැඩසටහන් ගාලුමුවදොර විරෝධතාව පැවැත්වෙන ස්ථානයේ පැවැත්වීමේ සූදානමක් ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල තොරතුරු පළ වුවද තම ආගමික කටයුතු පොදු ජන ඒකරාශීත්වයක් හා මුසු කිරීමට කතෝලික සභාව තුළ කිසිදු සූදානමක් තබා අවශ්‍යතාවක් වත් නොමැති බවද සිරිල් ගාමිණී පියතුමා වැඩිදුරටත් කියයි.

කාලීන පුවත්