උගුලකට අසු වී මියගිය කඳුකර කොටියකුගේ සිරුරක් නොර්වුඩ් වෙන්චර් වත්තේ ඉහළ කොටසේ තිබී පෙරේදා (21) සොයා ගෙන තිබේ.වයස අවුරුදු හතලිහක් පමණ වන හොඳින් වැඩුණු මෙම කඳුකර කොටියා ගැහැනු සතකු බවත් කොටියාගේ බඳ ප්‍රදේශය උගුලට අසු වී තිබෙන බවත් නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසයි.මළ සිරුර දින ගණනාවක් තේ වත්තේම තිබීම එය නරක් වි තිබු බවද ඒ මහතා පවසයි.සතුන් දඩයම් කිරීම සඳහා තේ වත්තේ අටවන ලද උගුලකට ගොදුරු සොයා පැමිණි කඳුකර කොටියා අසුවන්නට ඇති බවට වන ජිවි නිලධාරිහු සැක කරති.
මියගිය කොටියාගේ සිරුර හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ඒ.අයි.හෙට්ටිවත්ත මෙනවිය වෙත පෙරේදා (21) ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ට නියෝග කළාය.