කබ්‍රාල් ගේ උඩඟු බව ගැන කතා බහක්

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍ රාල් මහතා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට “ඔයා”යනුවෙන් ඇමතීමට තරම් උද්දච්ඡ කමක් හිතට ගෙන ඇතැයි ද ළඟදීම මේ උද්දච්ඡ ආණ්ඩුවේ බහුතර බලය ද නැතිවනු ඇතැයි ද හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එමෙන්ම කබ්‍රාල් මහතා ආර්ථික විශේෂඥයන් ගේ උපදෙස් වලට පටහැනිව ඩොලරයේ අගය සිරගත කොට තබා ගෙන අවසන් මොහොතේ එය පා කර හැරීමත් සමඟ මේ වනවිට ඩොලරය රුපියල් 300/- මට්ටමට නිල අනුපාතය ලඟා වෙමින් පවතින බවට ආණ්ඩු පක්ෂයෙන් ඔහු වෙත චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම රාජ්‍ය ගිනුම් කාරක සභාව හමුවේ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් කරුණු දැක්වීමට අද(24) දින නියම කොට තිබුණ ද තමන් ඊට එක් නොවන බව අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ෆැක්ස් පණිවිඩයකින් දන්වා සිටීම ද ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනකුගේ කතා බහට ලක් වී තිබේ.

මෙම නොවිධිමත් ක්‍රියා මාර්ග නිසා විදේශ රැකියා කරන්නවුන් සහ අපනයන වෙළඳාමේ යෙදී සිටින්නවුන් මේ වෙනවිට බැංකු ක්‍රමය මඟහැර ඩොලර් එවීමට පෙළඹී ඇති අතර පසුගිය කාලය පුරා ස්ථාපිත වූ කළු කඩ විනිමය වෙළඳපොල තවදුරටත් තහවුරු වෙමින් ඩොලරයක් සඳහා රුපියල් 325/- ඉක්මවූ මිලක් ගෙවමින් ඇති බව අනාවරණය වී තිබේ.

කාලීන පුවත්