කමලා හැරිස් ඩොනල්ඩ් ට්‍රම්ප් අහිබවා ඉදිරියට

පසුගිය දිනයක පවත්වන්නට යෙදුණු මත විමසුමකින් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂිකාවක වන කමලා හැරිස් ඇගේ තරගකාරී අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා සියයට 4කින් පමණ ඉදිරියෙන් සිටින බව වාර්තා විය. එයට අමතරව සැප්තැම්බර් මාසය වන විට, ජාතික මට්ටමේ ප්‍රධාන මත විමසීම් කිහිපයකදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා ඩිමොක්‍රටික් අපේක්ෂිකා කමලා හැරිස් ඉදිරියෙන් සිටි බව පෙන්නුම් කෙරිණි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා අතර තරගය ඉතා තියුණුය. බොහෝ සමීක්ෂණවලදී හැරිස් ප්‍රතිශත ලකුණු 1 සිට 5 දක්වා මද වශයෙන් ඉදිරියෙන් සිටී. නිදසුනක් වශයෙන්, මිනසෝටා ප්‍රාන්තයේ සිදු කළ මත විමසුමකදී, ට්‍රම්ප්ට වඩා හැරිස් 48% සිට 43% දක්වා ඉදිරියෙන් සිටි අතර එය ඡන්දදායකයින්ගේ උද්‍යෝගයේ කැපී පෙනෙන වෙනසක් පිළිබිඹු කරයි.

ඇමරිකා එක්සත් ජනපද ජනපතිනිය ලෙස කමලා හැරිස් පත්වන්නේ නම් එය තුළ වැදගත් කාරණා කිහිපයක්ම වේ. ඉන්දියානු මවකට සහ ජැමෙයිකානු පියෙකුට දාව උපන්, ප්‍රධාන පක්ෂයක් විසින් ජනාධිපති ධූරයට නම් කළ දකුණු ආසියාතික සහ අප්‍රිකානු ඇමරිකානු සම්භවයක් ඇති පළමු කාන්තාව කමලා හැරිස්ය. ඇගේ නම වූ ‘කමලා’ යන්න මුල් කාලයේ දී ඇමරිකානු වැසියන්ට ආගන්තුක වීම නිසා, ඇය එහි අර්ථය ඉංග්‍රීසි බසින් Lotus යනුවෙන් අර්ථ දක්වනු දැක ගත හැකි විය.

කමලා හැරිස් උපත ලැබුවේ කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් හි ජීවත් වූ සංක්‍රමණික දෙමාපියන්ට දාව ය. ඇගේ මව, ශ්‍යාමලා ගෝපාලන්, ඉන්දියාවේ පිළිකා පර්යේෂකවරියක වූ අතර, ඇගේ පියා, ඩොනල්ඩ් හැරිස්, ජැමෙයිකාවේ ආර්ථික විද්‍යාඥයෙකි. හැරිස් ඇගේ මිශ්‍ර උරුමය ඇගේ ලෝක දැක්ම හැඩගස්වන ආකාරය සහ ඇගේ ඉන්දියානු සහ අප්‍රිකානු අක්මුල් සිය රාජ්‍ය සේවයේ වෘත්තියට බලපා ඇති ආකාරය ගැන නිතර කතා කර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා ජනතාව ඇය කෙරෙහි ආකර්ෂණය වන්නට ඇගේ ඉන්දීය – ජැමෙයිකානු මිශ්‍ර සම්භවයම හේතු වී ඇති බව පෙනේ. එයට හේතුව ඇමරිකා එක්සත් ජනපදය බහුවාර්ගික රටක් වීමත්, ඇමරිකානු නොවන සම්භවය නිසා ඇයට මේ බොහෝ ජනතාවක් කරා ප්‍රවේශවන්නට එය අත්වැලක් සැපයීමත් නිසාය. මහා බ්‍රිතාන්‍යයේ පවා ඉන්දීය සම්භවයක් සහිත රිෂී සුනක් අගමැති දූරයට පත්වීම තුළින් යම් රටක ස්වදේශික සම්භවයක් නොමැති අයෙකුට පවා ඉහළ තනතුරකට පත් වීමේ හැකියාව පිළිබඳ පූර්වාදර්ශ සපයා තිබිණි. අනෙක කාන්තාවකට ඇමරිකාව වැනි ලෝකයේ බලවත් රටක දේශපාලනමය වශයෙන් ඉහළතම තනතුරක් කරා ප්‍රවේශවන්නට ඇති හැකියාව සෙසු ජාතීන් තුළ මහත් උද්‍යෝගයක් ඇති කරන්නට හේතු වී තිබේ.

කමලා හැරිස් 2024 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත්, ඇය එක්සත් ජනපදයේ ජනාධිපති වූ පළමු කාන්තාව ලෙසත්, පළමු ආසියාතික ඇමරිකානුවා ලෙසත් ඉතිහාසගත වනු ඇත. කාන්තාවක ලෙස ඇය ඇමරිකාවේ ජනපති ධූරයට පත් වුවහොත්, ඇමරිකානු දේශපාලනය තුළ කාන්තාවන්ට මෙතෙක් කල් සීමාවන් පමුණුවා තිබූ කඩයිම් බිඳී යනු ඇති බව විචාරකයන් පෙන්වා දෙයි. ඇමරිකානු දේශපාලනය තුළ සමස්තයක් ලෙස ගතහොත් කාන්තා නියෝජනයේ අඩුවක් දක්නට ලැබේ. යම් හෙයකින් ඇයට ඇමරිකාවේ ජනපති තරගයෙන් ජයග්‍රහණය කරන්නට හැකියාව ලැබුණහොත් මේ තත්ත්වයේ වෙනසක් සිදුවනු ඇතැයි දේශපාලක විශ්ලේෂකයෝ අදහස් පළ කරති.

2024 ජනපති තරගය පිළිබඳ සළකා බැලීමේ දී ට්‍රම්ප්ට සහ හැරිස් යන දෙදෙනාටම ජනතාව අතර කිසියම් අප්‍රසාදයක් පවතින බව ද පෙනෙන්නට තිබේ. කෙසේ නමුත් මත විමසීම්වලට අනුව කමලා හැරිස්ට මේ අවාසිදායක තත්ත්වය අවම බව පෙනේ. මත විමසීම්වලට දායක වූ ජනතාවගෙන් 48% ක් පමණ හැරිස්ට හිතකර ලෙස සලකන අතර ට්‍රම්ප්ට ඇත්තේ 44% ක පමණ සැලකිල්ලක් පමණි. අනෙක හැරිස් ජනපති අපේක්ෂිකවක ලෙස නම් කළ දිනයේ සිට ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව සැලකිය යුතු මට්ටමකින් අඩු වීම තුළ ද හැරිස්ට මේ තනතුර කරා ප්‍රවේශවීමේ වාසි සහගත තත්ත්වය වැඩි වී තිබේ. කෙසේ නමුත් සමස්තයක් ලෙස ගත් කල දෙදෙනාම අතර තියුණු තරගයක් පවතින්නට බොහෝ දුරට ඉඩකඩ තිබිය හැකි බවට වාර්තා වේ.

මත විමසීම්වල දී හැරිස් ඉදිරියෙන් සිටින බව සැබෑ නමුත් ජනපතිවරණය පැවැත්වෙන දින ආසන්න වන විට මේ තත්ත්වය වෙනස් විය හැකි බවට විශ්ලේෂකයෝ අදහස් පළ කරති. වර්තමානයේ පවා ජනතාව අතරින් ඇතැමෙක් අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයකු පිළිබඳව හෝ ධනාත්මකව කතා නොකර අවස්ථාවන් ද දක්නට ලැබේ. ට්‍රම්ප් වරක් ජනාධිපති ලෙස පත් වූ අයකු නිසා ඔහට ශක්තිමත් ඡන්ද පදනමක් ඇති නමුත් හැරිස්ට එසේ නොවේ. ඇය විස්කොන්සින් සහ පෙන්සිල්වේනියාව යන ප්‍රාන්තවලින් තමාට ලැබෙන ඡන්ද ප්‍රමාණය මත ඇගේ සිහිනය සැබෑ වීම තීරණය වනු ඇත.

ඉදිරි සතිවලදී ඇය තමා පිළිබඳ ඇති විශ්වාසය තවදුරටත් ගොඩ නගා ගන්නට ගන්නා පියවර ඇගේ ජයග්‍රහණය තීරණය කරන්නට හේතු වනු ඇත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර