කර්නාටක ප්‍රාන්තයේ කොවිඩ් නරකම අතට

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ කොවිඩ් පැතිරීම නරකම අවස්ථාවට පත්වෙමින් පවතින බවට විශේෂඥයින් කර්නාටක රජයට අනතුරු හඟවා තිබේ.පසුගිය දින දෙක තුළ කර්නාටක කොවිඩ් -19 රෝගීන් 40,000 ක් දක්වා ඉහළ ගොස් තිබේ.ඉදිරි සති කිහිපය තුළ කර්නාටක ප්‍රාන්තයේ රෝගීන් තව දුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත් තවමත් එහි උපරිමයට ළඟා වී නොමැති බවත් ඔවුහු පවසති.කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා දැඩි නීති රීති පනවන්නේද යන්න තීරණය කිරීමට හෙට( 21) සිකුරාදා කර්නාටක ප්‍රධාන අමාත්‍ය බසවරාජ් බොම්මායි විශේෂඥයින් හමුවනු ඇත.මේ වන විට, කර්නාටකයේ ධනාත්මක කොවිඩ් රෝගීන්ගෙන් 94% ක් නිවාස තුළ හුදකලා වී ඇත.

කාලීන පුවත්