කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ අදහසකට අනුව අමාත්‍යාංශයේ මහජන දිනය නැවතත් ක්‍රියාත්මක කිරීම ආරම්භ වී තිබේ.
2020 වසරේදී අවසන් වරට ක්‍රියාත්මක කළ අමාත්‍යාංශයේ මහජන දිනය වසර 4කට පසුව නැවත ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක්.
සෑම සඳුදා දිනකම උදෑසන 9 සිට දහවල් 1 දක්වා මහජන දිනය පැවැත්වෙන අතර ඕනෑම අයෙකුට තම ගැටළු විසඳා ගැනීම සඳහා විෂයභාර අමාත්‍යවරයා , අමාත්‍යාංශ ලේකම් ඇතුළු අනෙකුත් නිලධාරීන් හමුවීමේ අවස්ථාව හිමිවන බවයි සඳහන් වෙයි.