“කලං” සමු ගනියි

සිංහල සිනමාවේ සදාකාලික යෞවනයා ලෙස විරුදාවලී ලත් සම්මානනීය ජේෂ්ඨ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අද (01) උදෑසන අභාවප්‍රාප්ත විය. 1940 සැප්තැම්බර් 20 නුවරදී උපත ලැබූ එතුමා මිය යන විට 82 හැවිරිදි වියේ පසු විය.හන්තානෙ කතාව, අක්කර පහ, අහස් ගව්ව, බඹරු ඇවිත්, පූජා වැනි සම්මානනීය සිනමා පට රැසක රංගනයෙන් දායක වූ ඔහු OCIC සහ සරසව් සම්මාන උළෙල වල සම්මාන රැසකට හිමිකම් කියූ තමන් නිරූපණය කරන චරිතයට සැබැවින්ම අවතීර්ණ වීමේ අපූරු හැකියාවකින් යුතු රංගන ශිල්පියෙකි. එනිසාම සිංහල සිනමාවේ “පියරු බබෙකු” ලෙස විචාරක සරදමට ලක් නොවී තම සිනමා දිවිය ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාමට ඔහු සමත් විය.

කාලීන පුවත්