කලා ඔය ආශ්‍රිත පහත් බිම්වල පදිංචි අයට දැනුම්දීමක්

ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි තුනක් උසට විවෘත කර තිබේ.

එයින් තත්පරයකට ජලය ඝණ අඩි 1750ක් කළා ඔයට මුදා හරින බවයි සඳහන් වෙයි. එබැවින් කලා ඔය ආශ්‍රිත පහත් බිම්වල පදිංචි අය අවධානයෙන් සිටිය යුතු බව රාජාංගන වාරි ඉංජිනේරුවරයා ජනතාවට දන්වා සිටියි.

ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට සවස් කාලයේ අධික වර්ෂාවක් ලැබුණහොත් රාත්‍රී කාලයේ දී තවත් වාන් දොරටු විවෘත කිරීමට ඉඩ ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

කාලීන පුවත්