කසිප්පු සහ ගංජා වල සැබෑ වටිනාකම ජනතාවට වටහා දිය යුතුයි

කසිප්පු සහ ගංජා සම්බන්ධයෙන් අද සමාජයේ මිනිසුන් ගේ “මොළ සෝදා” ඇතත් කසිප්පු සහ ගංජා වල සැබෑ වටිනාකම ජනතාවට වටහා දිය යුතු යැයි සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.රුපියල් 3600 ක් පමණ වන මිලක් ගෙවා සාමාන්‍ය ජනතාවට මත්පැන් බෝතලයක් මිලට ගැනීමට නොහැකි නිසා ඊට විකල්පයක් හඳුන්වා දිය යුතුව ඇතැයි ද ඇය සඳහන් කරයි.මේ වන විට මත්පැන් මිල ඉහළ යාම හේතුවෙන් කසිප්පු නිෂ්පාදනය 500% කින් ඉහළ ගොස් ඇති බවත් බොහෝ පුද්ගලයන් නිවාස වල කසිප්පු පෙරා ගෙන බොන තත්ත්වයකට දැන් ඇති බවත් ඇය පෙන්වා දෙයි.ඩයනා ගමගේ මහත්මිය වැඩිදුරටත් පවසනුයේ කසිප්පු සහ ගංජා වල ඇති වටිනාකම අප රටේ ජනතාවට නොතේරෙන බවත් රුසියාවේ නම් කසිප්පු වොඩ්කා බවත් ජපානයේ දී ‘සකේ’ බවත් ය.එබැවින් කසිප්පු නිෂ්පාදනය හොඳ ප්‍රමිතියකට කර අපනයනය කිරීමට ආරම්භ කලහොත් එම ව්‍යාපාරයෙන් මෙරටට එන ඩොලර් ප්‍රමාණය සිතාගැනීමට නොහැකි තරම් බවද ඇය කීවාය.සංචාරක රාජ්‍ය ඇමති වරිය මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද‍්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කාලීන පුවත්