කළු ගඟ පිටාර මට්ටමට ඇවිත්

අධික වර්ෂා­ප­ත­නය නිසා කළු ගඟේ ජල මට්ටම රත්න­පුර ජල මාප­ක­යට අනුව ගංව­තුර අන­තුරු ඇඟ­වීමේ මට්ට­මට ළඟා වී ඇතැයි රත්න­පුර වාරි­මාර්ග කාර්යා­ලය සහ රත්න­පුර ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලය පව­සයි.

ඊයේ (11) උදැ­සන 10.30 වන­ විට කළු ­ගඟේ ජල මට්ටම මීටර් පහයි දශම තුන දක්වා ඉහළ ගොස් තිබේ.

කළු ගඟේ ජල මට්ටම මීටර් පහයි දශම දෙක ඉක්මවා ගිය විට ගංව­තුර අව­දා­නම් මට්ට­මට ළඟා වේ.

තව­දු­ර­ටත් වර්ෂා­ප­ත­නය ලැඹුණ හොත් රත්න­පුර ප්‍රදේ­ශ­යට සුළු ගංව­තුර තත්ත්ව­යක් ඇති විය හැකි බව රත්න­පුර වාරි­මාර්ග කාර්යා­ලයේ නිල­ධා­රි­යකු පැව­සීය.

පව­තින අධික වර්ෂා­ප­ත­නය නිසා අව්ස්සා­වේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අවි­ස්සා­වේල්ල සහ ඇහැ­ලි­ය­ගොඩ අතර ස්ථාන කිප­යක් ජල­යෙන් යටවී තිබුණි.

කාලීන පුවත්