ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතිහාසයේ පෙර නොවූ විරූ තරම් අවාසනාවන්ත තත්ත්වයකට පත්ව තිබේ. ක්‍රිකට් කණ්ඩායම කෙතරම් අදක්ෂ අන්දමින් ක්‍රීඩා කර ඇතිදැයි කිවහොත් පසුගිය කාලයේ ඔවුන් වැඩි වශයෙන් ලැබුවේ පරාජයන්ය. ලෝක කුසලාන තරගාවලියට සහභාගී වී යළි ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ පරාජිතයන් ලෙසිනි. කිසිදු ක්‍රීඩකයකු ඕනෑකමින් ක්‍රීඩා නොකළ බව බැලූ බැල්මටම වටහා ගත හැකි වුව ද ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩකයන් පවසන්නේ පරාජයන්ට වෙනත් කාරණා ඇති බව හා ඒවා පසුව පවසන බවය. ඒ අතරේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබේ. ඒ සියල්ලටම ඉහළින් පවතින්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තහනමක් පැනවීමය. මේ සියල්ල හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පහළටම ඇද වැටී තිබේ. මේ පරාජයන් දෙස බැලීමේ දී පෙනෙන්නේ මේවා ඉතා විශාල ලකුණු ප්‍රමාණයන්ගේ සිදු වූ පරාජයන් බවය. ඒ වාගේම ක්‍රිකට් ඉතිහාසය දෙස බැලීමේ දී අඩුම ලකුණු ප්‍රමාණයක් රැස් කර ගැනීම නිසා සිදු වූ පරාජයන් ද දක්නට ලැබේ. මේ එවැනි අවස්ථාවන් කිහිපයක් පිළිබඳ විමසා බැලීමකි.
වැඩිම ලකුණු ප්‍රමාණයන්ගෙන් පරාජය වීම්
ඉන්දියාව – ශ්‍රී ලංකාව 2023
2023 ජනවාරි මාසයේ ඉන්දියාවේ තිරුවානන්තපුරම් හිදී පවත්වන ලද එක්දින තරගයේ දී ඉන්දියාව ශ්‍රී ලංකාව පරදවා ලකුණු 300 කට වැඩි ප්‍රමාණයකින් ජයග්‍රහණය කළේය. මෙහිදී ඉන්දියාව කඩුළු 5 ක් පමණක් දැවී ඕවර් 50 ක දී ලකුණු 390 ක් රැස් කර ගත්තේය. මෙහිදී විරාත් කෝලි සහ ෂුබ්මාන් ගිල් ශතක රැස් කරගැනීම ද සුවිශේෂී තත්ත්වයක් විය. ශ්‍රී ලංකා පිල පන්දුවට පහර දෙන අවස්ථාවේ දී ලකුණු 32 කට විකට් 4 ක් දවාගන්නට ඉන්දීය පන්දු යවන්නකු වූ මොහොමඩ් සිරාජ්ට හැකි විය. ඕවර් 22 ක් වන විට ලකුණු 73 කට සියලු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දවාගන්නට ඉන්දීය කණ්ඩායම සමත් විය. මෙහිදී ශ්‍රී ලංකාව ලකුණු 317 කින් පරාජය වූ අතර එය ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රමාණයකින් සිදුවූ පරාජය ලෙස සනිටුහන් වී තිබේ.
ඕස්ට්‍රේලියාව – නෙදර්ලන්තය 2023
ක්‍රිකට් ලෝක ශූරතාවය සඳහා දිල්ලියේ පැවැත්වූ මේ තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර් 50 ක දී ලකුණු 399 ක් රැස් කර ගත් අතර ඩේවිඩ් වෝර්නර් සහ ග්ලෙන් මැක්ස්වෙල් ශතක රැස් කර ගත්හ. මැක්ස්වෙල්ගේ ශතකය එක්දින තරගයක දී රැස් කරගත වේගවත්ම ශතකය ලෙස ඉතිහාස ගත ව තිබේ. තරගයෙන් ජයගැනීම සඳහා නෙදර්ලන්ත කණ්ඩායමට ඕවර් 50 ක දී ලකුණු 400 ක් ලබා ගත යුතු විය. මෙහි දී ඕස්ට්‍රේලියානු පන්දු යවන්නකු වූ ඇඩම් සම්පා ඕවර් 3 ක දී ලකුණු 8 කට කඩුළු 4 ක් දවා ගත්තේය. අවසානයේ නෙදර්ලන්ත කණ්ඩායම ඕවර් 50 දී ලකුණු 90 කට සියලු දෙනා දැවී ගියේය. මෙහිදී නෙදර්ලන්තය ලකුණු 309 කින් පරාජයට පත් වූ අතර ඔවුන්ගේ පරාජය දෙවැනි වන්නේ ශ්‍රී ලංකාවට පමණි.
ඉන්දියාව – ශ්‍රී ලංකාව 2023
ආසියානු කුසලානය සඳහා පවත්වන ලද මේ තරගයේ දී ඉන්දියාවට පන්දුවට මුලින් පන්දුවට පහර දීමට ආරාධනා කෙරුණු අතර ඔවුහු කඩුලු 8 කට ලකුණු 357 ක් රැස් කර ගත්හ. මේ තරගයේ දී කිසිදු ඉන්දීය ක්රීඩකයකුට ශතක රැස් කරගන්නට හැකියාව ලැබුණේ නැත. කෙසේ නමුත් පන්දුවට පහරදීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු රැස්කිරීම 55 කට සීමා කරන්නට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. මේ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 302 කින් පරාජයට පත් විය.
ඒ අතිවිශාල ලකුණු ප්‍රමාණයන්ගෙන් වාර්තා වූ පරාජයන්ය. අනෙක් කණ්ඩායම පාර්ශ්වයෙන් ගතහොත් අති විශාල ජයග්රහණයන්ය. මේ හා සමානව ඉතා අඩු ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම නිසා ක්‍රිකට් කණ්ඩායම් පරාජය වූ අවස්ථාවන් ද ඉතිහාසයේ සනිටුහන් වී තිබේ.
අඩුම ලකුණු ප්රමාණයන්ට කණ්ඩායම්
සිම්බාබ්වේ – ශ්‍රී ලංකාව, 2004, හරාරේ
සිම්බාබ්වේ හි හරාරේ නගරයේ දී පවත්වන ලද මේ තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට මුලින්ම පන්දුවට පහර දෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මාවන් අතපත්තු ඇරයුම් කළ අතර වේග පන්දු යවන චමින්ද වාස් සහ ෆර්වීස් මහරුෆ් සිම්බාබ්වේ කණ්ඩායමට නොසිතූ අවාසනාවක් අත්කර දෙන්නට සමත් වූහ. එහිදී සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 35 ක් පමණක් වූ අතර එය එක් දින ක්‍රිකට් ඉතිහාසය තුළ කණ්ඩායමක් ලබා ගත් අඩුම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා වී තිබේ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕවර් 9 ක දී එක් කඩුල්ලක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කරන්නට සමත් විය.
ඇමරිකා එක්සත් ජනපදය – නේපාලය, 2020, කිර්තිපූර්
මේ තරගයේ දී ඇමරිකා එක්සත් ජනපදය ද සිම්බාබ්වේ කණ්ඩායමේ තත්ත්වයට පත්වෙමින් ඔවුන් හා සම මට්ටමකට පැමිණියහ. එනම් ඔවුන්ට ද රැස් කර ගත හැකි වූයේ ලකුණු 35 ක් පමණි. මෙහිදී නේපාල කණ්ඩායම ඕවර් 5.2 දී ලකුණු 35 ඉලක්කය සම්පූර්ණ කර ගත්තේ කඩුලු 8 ක්ම ඉතිරි කරගනිමිනි.
කැනඩාව – ශ්‍රී ලංකාව, පාර්ල්, 2003
2003 වසරේ දී එක් දින ලෝක කුසලාන කණ්ඩායම් තරගයක් වෙනුවෙන් පවත්වන ලද්දකි. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සනත් ජයසූරිය කැනඩා කණ්ඩායමට මුලින්ම පන්දුවට පහර දෙන්නට ආරාධනා කළේය. මෙහිදී චමින්ද වාස් සහ ප්‍රභාත් නිශ්ශංක යන පන්දු යවන්නන් හමුවේ කැනඩා කණ්ඩායම ලකුණු 36 කට දැවී ගියේය. කෙසේ නමුත් මේ තරගය පහසුවෙන් ජයග්‍රහණය කරන්නට කැනඩා කණ්ඩායම ඉඩ සැලසුවේ නැත. මේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර් 35 ක් වැය කරන්නට සිදු වූ අතර මාවන් අතපත්තු වේගවත් ලකුණු 24 ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරා ගෙන යන්නට දායක වූයේය.
මීට අමතරව අඩුම ලකුණු වාර්තා වූ තරග පහත පරිදි ක්‍රිකට් ඉතිහාසයේ සඳහන්ව තිබේ.
කැනඩාව – එංගලන්තය, 1979 ජූනි 13, මැන්චෙස්ටර්, කැනඩාව ලකුණු 45
නැමීබියාව – ඕස්ටේ්රලියාව, පොචෙප්ස්ටෲම්, 2003 පෙබරවාරි 27, නැමීබියාව ලකුණු 45
ශ්‍රී ලංකාව – ඉන්දියාව, මුම්බායි 2023, නොවැම්බර් 2, ශ්‍රී ලංකාව ලකුණු 55
බංග්ලාදේශය – බටහිර ඉන්දීය දූපත්, මිර්පූර් 2011 මාර්තු 4, බංග්ලාදේශය ලකුණු 58
ස්කොට්ලන්තය – බටහිර ඉන්දීය දූපත්, ලයිචෙස්ටර් 1999 මැයි 27, ස්කොට්ලන්තය ලකුණු 68
කෙන්යාව – නවසීලන්තය, චෙන්නායි, 2011 පෙබරවාරි 20, කෙන්යාව ලකුණු 69
පාකිස්තානය – එංගලන්තය, ඇඩිලේඩි, 1992 මාර්තු 1, පාකිස්තානය ලකුණු 74
අයර්ලන්තය – ශ්‍රී ලංකාව, සා. ජොර්ජ්ස්, 2007 අප්‍රේල් 18, අයර්ලන්තය ලකුණු 77
නිරංජන් චාමින්ද කරුණාතිලක