කාදිනල්තුමෝ දැඩි තීරණයක

නිදහස් දින රාජ්‍ය උත්සවයට සහභාගී නොවීමට සහ සෑම වසරකම බොරැල්ල, සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදි තමන් විසින් පවත්වන නිදහස් දින දේව මෙහෙය නොපැවැත්වීමට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ තීරණය කර ඇත.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණයක් ඉටුනොවීම සහ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයෙන් අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාළව එහි සේවය කරන මුනීන්ද්‍රන් නැමති සන් ක්‍රිස්ටියන්වරයාගේ නිදහස අහිමි කර අසාධාරණ ලෙස අත්අඩංගුවේ තබාගෙන සිටීම යන කරුණු හේතුවෙන් කාදිනල්තුමන් මෙම තීරණය ගෙන ඇතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ අද (3) පැවසූහ.

කාලීන පුවත්