කාබනික පොහොර ප්‍රවර්ධනයට කියා ගොවියා ගොවිතැනින් පළවා හරින්න දෙන්න බෑ

කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධන කිරීමේ ගැටලුවක් නොමැති වුව ද ඒ ඔස්සේ ගොවියාව ගොවිතැනින් පළවා හරින්න ඉඩ දිය නොහැකි බව අමාන්‍ය විමල් වීරවංශ මහතා ඊයේ(28) පැවසීය. ජනතාවගේ කුසගින්න හා ආහාර සුරක්‍ෂිතතාව එක් ව ගැටගැහී තිබීම නිසා සිදු වූ වරද වහාම නිවැරදි විය යුතු බවත් එසේ නොවුණ හොත් රට මහා විශාල ඛේදවාචයකට මුහුණ දෙන බවත් පවසන අමාත්‍යවරයා ඉන්දියාවේ මෝදි අග්‍රාමාත්‍ය වරයා ගෙනා පනත් දෙකක් ගෙවියන්ගේ විරෝධතා නිසා හකුලා ගත් නමුත් එය ඔහුගේ අභිමානයට කැළලක් නොවූ බව ද කීය.
“වාණිජ කෘෂිකර්මාන්තය බිඳ වැටීමට තුඩු දුන් හේතු වහාම නිවැරදි කරන්න ඕනේ. වැරැද්දක් නිවරදි කරගන්න ලැජ්ජා විය යුතු නෑ ලැජ්ජා විය යුත්තේ වැරැද්ද තව දුරටත් නිවැරදි කියලා හිතා තව දුරටත් අපේ වාණිජ කෘෂිකර්මාන්තයත් එක්ක සෙල්ලම් කිරීම ගැනයි.පොහොර සහනාධාරයට ලබාදීමට වැයවන මුදලට වඩා වැඩි මුදලක් දැන් ගොවියන්ට වන්දි හැටියට දැන් ගෙවන්න වෙනවා. එතැනින්ම පේනවනේ කරගත්තු වැරැද්දේ තරම” යනුවෙන් ද ඇමති වරයා කීය.

කාලීන පුවත්