පසුගිය මැයි 18 දා වන විට ශ්‍රී ලංකාවේ පෙර මෝසම් (Per-monsoon) කාලගුණ තත්වයන්ගේ බලපෑම ඇරඹී ඇති අතර මේ මස 24 දා පමණ වන විට නිරිත දිග මෝසම් (South west monsoon) කාලගුණ සාධක දිවයින සහ අවට ප්‍රදේශ වල ස්ථාපිත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. එසේම ළඟ එන
මෝසම් සමයේ දිවයිනේ පළාත් රැසකම සාමාන්‍ය අගයන්ට වැඩි වූ තද වැසි ඇද හැලීමේ සම්භාවිතාවය පිළිබඳව ද අනාවැකි ප්‍රකාශ කර ඇත.ඒ සම්බන්ධයෙන් විශ්ලේෂනයක් කරන හිටපු කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ.ආර් අබේසිංහයන් පවසනුයේ පසුගිය මාස දෙකක පමණ කාලයක් පුරාවට ඉතා උණුසුම් වාතාවරණයක් සහිත කාලගුණ රටාවකට මුහුණ දීමට අපට සිදුවීමට හේතු වූ එක් ප්‍රධාන සාධකයක් වූයේ පැසිෆික් සමුදුරේ වර්ධනය වී තිබූ එල්නිනෝ (El nino) පද්ධතියේ බලපෑම බව ය.පැසිෆික් සමුදුර සහ අවට ප්‍රදේශ වලින් ලබාගනු ලබන කාලගුණ දත්ත වලට අනුව එහි ක්‍රියාත්මක වූ එල්නිනෝ පද්ධතිය මේ වන විට දුර්වල වී ගොස් ඇති අතර දැන් එහි ලා නිනා (La nina) පද්ධතියක වර්ධනය පිළිබඳව පෙර නිමිති පහළ වී ඇතැයි කාලගුණ විද්‍යාඥ කේ.ආර් අබේසිංහ පවසයි.ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන අන්දමට අන්දමට පැසිෆික් ලා නිනා පද්ධති වලට බලපෑම ශ්‍රී ලංකාවේ මෝසම් වර්ෂාව කෙරේ දක්වන බලපෑම පිළිබඳ අප ජනතාවගේ විශේෂ අවධානය යොමු විය යුතු ය.ඒ එම බලපෑම් නිසා නිරිතදිග වර්ෂාපතන වල තීව්‍රතාවය සැලකිය යුතු ලෙස වැඩිවන නිසා ය.
නිරිතදිග මෝසම් සමයේ සාමාන්‍ය කාලගුණ තත්වයන් යටතේ වුවද ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවක විශේෂයෙන්ම බස්නාහිර නිරිතදිග දකුණු සහ මධ්‍යම කඳුකර ප්‍රදේශ වල තද වර්ෂාපතන ඇතිවන අතර ද වැසි සහ ප්රචණ්ඩ සුළං වල බලපෑමෙන් ප්‍රදේශ රැසක ජනතාවට ස්වාභාවික විපත් වලට මුහුණ දීමට සිදුවේ. ගංවතුර උවදුරු,නායයෑම් සහ සුළං මගින් නිවාස සහ විශාල ගස් කඩා වැටීම ආපදාවලට ප්‍රධාන හේතුවේ.ඊට අමතරව පානීය ජල ප්‍රශ්න වලට බෙහෝ ජනතාවකට මුහුණ පාන්නට සිදුවේ.
එසේ නම් ළඟ එන නිරිතදිග මෝසම් සමයේ ලැබෙන තද වැසි ස්වාභාවික විපත් ඉහළ යාමට ද හේතු වන බව අප සැම අවබෝධ කර ගත යුතු බව පවසන කාලගුණ විද්‍යාඥ කේ.ආර් අබේසිංහ ශ්‍රී ලංකාවේ කාලගුණ සාධක වල බලපෑම යටතේ සිදුවන ආපදා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට මෙන්ම එම ආපදා කළමනා කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ලැබෙන මුත් ස්වාභාවික ආපදා අවම කිරීමට මෙන්ම කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර නිසි කලට දියත් කිරීම සියලුම ජනතාවගේ වගකීම බව ද පෙන්වා දෙයි. මේ අතර නිරිත දිග මෝසම සක්‍රිය වීමෙන් වැසි තත්වය වැඩි වී ඇති නිසා ගංගා ඇළ දොළ සහ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි ද ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.වාරිමාර්ග අධ්යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ) එස්. පී. සී සුගීෂ්වර පවසනූයේ කැලණි, කළු, ගිං, නිල්වලා, බෙන්තර ආදී ගංගා සහ අත්තනගලු ඔය, මහ ඔය ඇතුළු ජලාශවල ඉහළ ජල මට්ටමක් වාර්තා වන බවකි.
වර්ෂාව, අකුණු ගැසීම්, සුළං ප්‍රවාන ආදිය මේ මිහිතලයට ආගන්තුක දේ නොවේ.ඒවා මෙම විශ්වයේ ආරම්භයත් සමඟ ඇරඹී එදා මෙදා තුර නොනැවතී සිදු වන ස්වභාවික සංසිද්ධීන් බව කුඩා දරුවෝ පවා දනිති. එමෙන්ම මිනිසා ශිෂ්ටාචාරගත වූ මුල් අවදියේ මෙම ස්වභාවික සංසිද්ධීන් වලට දේවත්වාරෝපණයක් ලබා දුන් බව ද ප්‍රකට කරුණකි.එමෙන්ම මෙම ස්වභාවික සංසිද්ධීන් කිසිවකටත් යක්ෂාරෝපණයක් ලබා නොදීමෙන් ඉතා පැහැදිලි ලෙසම සනාථ වන කරුණක් තිබේ. එනම් ඒවා මෙලොව යහපැවැත්මට මිස අහිත පිණිස හේතු නොවන බව ආදී මිනිස් මනැසේ ද නිවැරදිව සටහන්ව තිබූ බවකි.
අත්තනගලු ඔයේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවත් ඔහු සඳහන් කරයි.ඉදිරියේදී වර්ෂාව තදින් පතිත වුවහොත් සෙසු ගංගා සහ ඇලදොළවල ගංවතුර ඇතිවීමේ අවදානම් තත්ත්වයක් පවතින බවත් වාරිමාර්ග අධ්යක්ෂවරයා පවසයි. වර්ෂාව, අකුණු ගැසීම්, සුළං ප්‍රවාන ආදිය මේ මිහිතලයට ආගන්තුක දේ නොවේ.ඒවා මෙම විශ්වයේ ආරම්භයත් සමඟ ඇරඹී එදා මෙදා තුර නොනැවතී සිදු වන ස්වභාවික සංසිද්ධීන් බව කුඩා දරුවෝ පවා දනිති. එමෙන්ම මිනිසා ශිෂ්ටාචාරගත වූ මුල් අවදියේ මෙම ස්වභාවික සංසිද්ධීන් වලට දේවත්වාරෝපණයක් ලබා දුන් බව ද ප්‍රකට කරුණකි.එමෙන්ම මෙම ස්වභාවික සංසිද්ධීන් කිසිවකටත් යක්ෂාරෝපණයක් ලබා නොදීමෙන් ඉතා පැහැදිලි ලෙසම සනාථ වන කරුණක් තිබේ. එනම් ඒවා මෙලොව යහපැවැත්මට මිස අහිත පිණිස හේතු නොවන බව ආදී මිනිස් මනැසේ ද නිවැරදිව සටහන්ව තිබූ බවකි.
නමුදු වර්ෂාව නිසා සිදුවන ජල ගැලීම්, පස් කඳු කඩා වැටීම්, නාය යාම්, අකුණු ගැසීම් නිසා සිදුවන අනතුරු, සුළං ප්‍රවාහනයන් නිසා සිදුවන ජීවිත හා දේපල හානි ද ලොව සෑම රටකින්ම අඩු වැඩි වශයෙන් අසන්නට ලැබෙන අතර ඒවා ස්වභාවික ආපදා (Natural disasters ) යන පොදු නමින් හැඳින්වේ.
සාමාන්‍යයෙන් ලොව සෑම ජන සමාජයක් තුළම මෙම ස්වභාවික විපත් සම්බන්ධ සාම්ප්‍රදායික සහ නවීන විද්‍යාත්මක දැනුම් අවබෝධයන් පවතී. එහෙත්, අප සමාජය තුළ එවැනි දැනුම් අවබෝධයන් යාවත් කාලීන වී තිබේද? යන්න මෙරට ස්වභාවික විපත් නිසා සිදුවන ජීවිත හා දේපල හානි සම්බන්ධ පුවත් අසන අප තුළ සැකයක් ජනිත වේ. එමෙන්ම ඒ සම්බන්ධයෙන් කිව යුතු ඉතා වැදගත් කරුණක් ද තිබේ. එනම් ස්වභාවික ආපදා පිළිබඳ යාවත්කාලීන දැනුම මත පදනම් වන පූර්වාරක්ෂක ක්‍රම සම්බන්ධ ප්‍රායෝගික දැනුම් අවබෝධයන් අප සමාජය පුරා ව්‍යාප්තව තිබිණි නම් ඒ මගින් සිදුවන ස්වභාවික ආපදා සැලකිය යුතු ප්‍රමාණයක් වලකා ගත හැකි බව ය.
අධික වර්ෂාව සහ හට ගන්නා පස් කඳු කඩා වැටීම්, නාය යාම්, ගංවතුර සහ පහත් බිම් ජලයෙන් යටවීම් නිශ්චිත ප්‍රදේශවලට පමණක් සීමා වූවක් සේ බොහෝ දෙනෙක් සිතති. එහෙත්, එය යාවත් කාලීන දැනුමක් නොවේ.ඒ ඉහත සඳහන් ස්වභාවික ආපදා විචල්‍ය වීමක් හෙවත් කලින් කලට වෙනස්වීම ඉතා සුලබව දක්නට ලැබෙන බැවිනි. පස් කඳු කඩා වැටීමේ හෝ නාය යාම පිළිබඳ ඉතිහාසයක් නොමැති ප්‍රදේශවල භූ ව්‍යුහයන් ද හිටි හැටියේ එවැනි තත්වයන්ට ගොදුරු විය හැක. ඒ අනුව එවන් ස්වභාවික විපත් වලට ලක් විය හැකි භූ ව්‍යුහයන් සහිත ප්‍රදේශ වල වෙසෙන සෑම කෙනෙකුටම වර්ෂා කාලවලදී ඒ සම්බන්ධ පූර්ව ලක්ෂණ දැන ඒවා කෙරෙහි අතිශයින් විමසිලිමත් විය යුතු ය.
ඇල්ල වැල්ලවාය මහා මාර්ගයට ඉහළින් පිහිටි ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ නාය යාම උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිසා සිදුවන බවට “දේශපාලන භූ විද්‍යාඥයන්” අනාවැකි පළ කළ ද ඒ සඳහා සැබෑ හේතුව උස් කඳු ප්‍රදේශ වල සැලකිය යුතු ජල සංචිතයක් ඒකරාශි වීම බව ඒ සම්බන්ධ සැබෑ විද්‍යාත්මක නිරීක්ෂණයන් ගෙන් සනාථ වී තිබේ. නමුදු එනිසාම විධිමත් ශක්‍යතා අධ්‍යයනයන් ගෙන් තොරව සිදු කෙරෙන යෝධ සංවර්ධන ව්‍යාපෘතීන් හි අතුරු ඵල ලෙස ඇති වන ස්වභාවික ආපදා ද ශූන්‍ය නොවන බව අප ඉතා හොඳින් වටහා ගත යුතු ය.
මේ දිනවල අප රටට සැළකිය යුතු අගයකින් යුතු වර්ෂාපතනයක් හිමි වීම මත ඉහත සඳහන් ස්වභාවික ආපදා ලෙස සැළකෙන සංසිද්ධීන් ද එම වර්ෂාපතන අගයට සාපේක්ෂව ඉහළ යනු ඇත.විශේෂයෙන් ඇල්ල වැල්ලවාය මහා මාර්ගයට ඉහළින් පිහිටි ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ නාය යාම උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිසා සිදුවන බවට “දේශපාලන භූ විද්‍යාඥයන්” අනාවැකි පළ කළ ද ඒ සඳහා සැබෑ හේතුව උස් කඳු ප්‍රදේශ වල සැලකිය යුතු ජල සංචිතයක් ඒකරාශි වීම බව ඒ සම්බන්ධ සැබෑ විද්‍යාත්මක නිරීක්ෂණයන් ගෙන් සනාථ වී තිබේ. නමුදු එනිසාම විධිමත් ශක්‍යතා අධ්‍යයනයන් ගෙන් තොරව සිදු කෙරෙන යෝධ සංවර්ධන ව්‍යාපෘතීන් හි අතුරු ඵල ලෙස ඇති වන ස්වභාවික ආපදා ද ශූන්‍ය නොවන බව අප ඉතා හොඳින් වටහා ගත යුතු ය.
විශේෂයෙන් සංවර්ධන ව්‍යාපෘතින් සඳහා යැයි පවසමින් පරිසර පද්ධතියේ ස්වභාවික ජල රඳවනයන් ලෙස කලක් පැවැති තෙත් බිම්, වගුරු, පුරන් කුඹුරු ඉවක් බවක් නොමැතිව ගොඩ කිරීම නිසා ඒ අවට දැඩි මානව ජනාවාස සුළු වැසි තත්වයකදී වුව ජලයෙන් යටවන සිද්ධීන් සිය ගණනක් පිළිබඳ තොරතුරු ගෙන හැර දැක්විය හැක. වසර කිහිපයකට ඉහත එබඳු ජල ගැලීමක සේයාවක් වත් නොතිබූ මානව ජනාවාස සහිත උස් බිම් හාත්පස භූ ව්‍යුහයට අනුව පහත් බිම් බවට පත් වීමෙන් එවන් ස්වභාවික ආපදාවනට පහසුවෙන් ගොදුරු වෙමින් තිබේ.මෙම තත්වය අනුව ඇතැම් ප්‍රදේශවල මින් පෙර කිසිදා දක්නට නොලැබුණු ජල ගැලීම් පැය කිහිපයකින් දක්නට ලැබීම ද ගසා කෑම් පදනම් කර ගත් වත්මන් අවිචාරවත් දඩිබිඩි සංවර්ධනයේ ප්‍රතිඵල ලෙස පහසුවෙන් හඳුනා ගන්නට අපට පිළිවන. ගංවතුර (Flood ) යනු ඇළ, ගංගා හෝ වෙනත් ජල කඳක සාමාන්‍ය මායිම්වලින් ජලය පිටාර ගැලීම හෝ සාමාන්‍යයෙන් වියලි ප්‍රදේශයක ජලය එකතු වීම ය. ගංවතුර ප්‍රධාන වර්ග දෙකකි. සාමාන්‍ය ගංවතුර මන්දගාමී වන අතර පැය කිහිපයක් හෝ දින ගණනක් වර්ධනය වේ. නමුත් අනතුරු ඇඟවීමකින් තොරව සහ සාමාන්‍යයෙන් අධික වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර තත්වයන් ද ඇතිවේ.මීට අමතර වාරිමාර්ග ආශ්රිත දියවර මුදාහැරීම් මත ද හදිසි ගංවතුර තත්වයන් ඇති විය හැක. ගංවතුර ලෝකයේ බොහෝ ප්‍රදේශවල ස්වාභාවික සංසිද්ධියක් වුවද, මිනිස් වාසස්ථාන සහ ඉඩම් පරිහරණ පිළිවෙත් ගංවතුර වාර ගණන සහ ප්‍රමාණය වැඩිවීමට හේතු වී ඇති බව නිරීක්ෂණ වී තිබේ.එමෙන්ම දේශගුණික විපර්යාස හේතුවෙන් අනාගතයේ දී ගංවතුර වඩාත් නිරන්තර හා දරුණු වනු ඇතැයි පුරෝකථනය කර ඇත.එම ගංවතුර වඩාත් අනතුරු දායක විය හැකි අතර මිනිස්,සත්ව පාරිසරික හා ද්‍රව්‍යමය හානියක් සිදු කළ හැකි ය. එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව, පසුගිය දශක දෙක තුළ ගෝලීය වශයෙන් වසරකට මධ්‍යම ප්‍රමාණයේ හෝ විශාල ව්‍යසන 350ක් සහ 500ක් සිදු වූ අතර නිතර නිතර සිදුවීම් අපේක්ෂා කරන, වැඩිවන ව්‍යසන සංඛ්‍යාවකට මානව ක්‍රියාකාරකම් දායක වේ.ඒවායින් බොහොමයක් කාලගුණය ආශ්රිත ලැව් ගිනි සහ ගංවතුර වන නමුත් වසංගත හෝ රසායනික අනතුරු වැනි වෙනත් උපද්‍රව 2030 වන විට වසරකට 560 ක් හෝ දිනකට 1.5 ක් දක්වා ළඟා විය හැකි අතර, එය මිලියන ගණනක් ජීවිත අනතුරේ හෙළන බවට ආපදා අවදානම් අවම කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNDRRර්) සිය ගෝලීය තක්සේරු වාර්තාව මඟින් අනතුරු අඟවා තිබේ.
එමෙන්ම මේ දිනවල මනාව ස්ථාපිත වෙමින් පවතින නිරිත දිග මෝසම් සුළං ප්‍රවාහනයන් නිසා ගස් සහ විදුලි රැහැන් ගොඩනැඟිලි ආදිය කඩා වැටීමේ අවදානම පිටු දැකීමට ඒ සම්බන්ධ පූර්වාරක්ෂ උපාය මාර්ගයන් යොදා තිබිය යුතු ය. පසුගිය දින කිහිපය තුළ මෙවර වෙසක් උත්සවය සඳහා ගාලු මුවදොර සහ මිනුවන්ගොඩ උඩුගම්පොල ප්‍රදේශයේ ඉදිවෙමින් තිබූ තොරණ දෙකක් ද සුළඟින් කඩා වැටීම පිළිබඳ පුවත් වාර්තා වී තිබේ.
මේ අතර සන්නිවේදන කුළුණු ආශ්‍රිතව අකුණු අනතුරු බහුල බවට පසුගිය කාලය පුරා සමාජය තුළ රාවයක් ඇති වූ මුත් එහි කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බව ඒ සම්බන්ධ විශේෂඥ මතයයි. නමුදු අකුණු අනතුරු වලින් මියගිය බොහෝ අයගේ සහ විනාශ වී ගිය දේපල සම්බන්ධ බොහෝ තොරතුරු පසුපස ඒ සම්බන්ධ පූර්වාරක්ෂක ක්රමෝපායන් අනුගමනය කර නොතිබීමක් පිළිබඳ ද අනියමින් ප්‍රකාශ වේ.ඒ අනුව සෑම දෙයක්ම කාලයේ තාලයට අනුව නවීකරණය වන්නාක් මෙන් ස්වාභාවික විපත් ද ඊට අනුරූප ලෙස සැකසෙන බව අප වටහා ගත යුතු වේ.
රේණුකා දමයන්ති