කැබිනට්ටුවේ සාමූහික වගකීමට එකඟ නැත්නම් විමල් වාසු ගම්මන්පිල ඉල්ලා අස්වීම හොඳයි

කැබිනට් මණ්ඩලය වශයෙන් සාමුහික වගකීමකට බැඳී සිටින අතරේ ඊට වෙනස් මතයක් දැරු පමණින් ම කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකු වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල ඔවුන්ගේ අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් සාමූහික වගකීමක් තුළ එහි ගන්නා තීන්දු තිරණ සම්බන්ධයෙන් ඊට ප්‍රතිවිරුද්ධ මතයක් දරන්නේ නම් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස් වී ඒ වෙනුවෙන් පෙනී සිටීම වඩාත් සුදුසු බව තම අදහස බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි.ජනාධිපතිවරයා මේ බව අවධාරණය මාධ්‍ය ආයතන ප්‍රධානින් සමඟ ජනාධිපති නිල නිවසේ දී ඊයේ (27) පැවති හමුවකදීය.

කාලීන පුවත්