කිරි පිටි මිල ඉහළ යාම ගැන රජයට කරන්න දෙයක් නෑ

ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට කිරි පිටි මිල ඉහළ දැමීමට කිරි පිටි ආනයනය කරන සමාගම් කටයුතු කිරීම සම්බන්ධයෙන් රජයට මැදිහත්වීමක් සිදු කිරීමට නොහැකි බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.“කිරි පිටි මිල වැඩි කරන්නේ රජය නෙමෙයි. කිරි පිටි මිල වැඩි කරන්නේ බහු ජාතික සමාගම්. රජය වැඩි කරනවානම් තමයි මැදිහත්වීමක් සිදු කරන්න පුළුවන්. බහු ජාතික සමාගම් මීට පෙර කිරි පිටි ආනයනයෙන් ඇති තරම් මුදල් හම්බ කරගෙන තමන්ගේ රටවල්වලට මුදල් ගෙනගියා.මේ අමාරුම අවස්ථාවේ බහු ජාතික සමාගම් කිරිපිටි මිල ඉහළ දැමීම අනුමත කරන්න බැහැ.මොකද ඒ අය කිරි පිටි ආනයනය කරලා මුදල් හොඳට හම්බ කරගත්තා.”යැයි ද ඇමති වරයා කීය.

කාලීන පුවත්