කිසිම දේශපාලනඥයෙකු හෝ රාජ්‍ය නිලධාරියකු “ගරු” නමින් අමතන්න එපා!

කිසිදු දේශපාලනඥයෙකු හෝ රාජ්‍ය නිලධාරීයකු ඇමතීමේදී “ගරු” කියන වචනය මින් ඉදිරියට පාවිච්චි කිරීමෙන් වැළකී සිටිමු යැයි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති ප්‍රියන්න ජයකොඩි මහතා කියයි.ඒ තම ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමිනි.ඒ සම්පූර්ණ සටහන මෙලෙසිනි. “කිසිදු දේශපාලනඥයෙකු හෝ රාජ්‍ය නිලධාරීයකු ඇමතීමේදී “ගරු” කියන වචනය මින් ඉදිරියට පාවිච්චි කිරීමෙන් වැළකී සිටිමු !ඒ ඔවුන් සිදුකරන සියලුම කාර්යන් සඳහා වැටුප් සහ අමතර දීමනා විශාල සංඛ්‍යාවක් ලබන මහජන බදු මුදලින් නඩත්තු වන අපේම සේවකයන් බැවිනි.දීන මානසිකත්වයෙන් සහ වහල් භාවයෙන් මිදෙමු!සියලුම රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයින් ඔවුන්ගේ නිල නාමයෙන් පමණක් ඇමතීමට කටයුතු කරමු!රැල්ලක් හදමු!”

කාලීන පුවත්