කුකුළු මස් සහ බිත්තර මිල මෙතරම් ඉහළ නැඟ ඇත්තේ පසුගිය කාලයේ බඩ ඉරිඟු අස්වැන්න ශීඝ්‍රයෙන් පහළ වැටීම බව කෘෂිකර්ම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්තනෝමතික ලෙස ක්‍රියාවට නංවන ලද රසායනික පොහොර තහනම හමුවේ පසුගිය කාලයේ බඩඉරිඟු වගාව වේගවත් පසුබෑමකට ලක් වූ අතර බඩ ඉරිඟු ගොවීහු විශාල පිරිසක් අන්ත අසරණ තත්වයකට පත් වූහ.එම අස්වැන්න වැඩිපුරම සත්වාහාර සඳහා භාවිතයට ගැනෙයි.සාමාන්‍යයෙන් අප රටේ හෙක්ටයාර ලක්ෂයකට වැඩි භුමි ප්‍රමාණයක බඩ ඉරිගු වගා කෙරෙන අතර මේ වනවිට ද බඩ ඉරිඟු වගාවේ පසුබෑමක් දක්නට ලැබේ. ඒ හේතුවෙන් බිත්තර හා කුකුඵ මස් මිල අධික ලෙස ඉහළ ගොස් ඇත. එබැවින් බඩ ඉරිගු වගාවට අවශ්‍ය පොහොර ඇතුළු සෙසු පහසුකම් කඩිනමින් ලබා දීම තුළින් ලබන වසර මුල සිට කුකුළු මස් සහ බිත්තර මිල අඩු කළ හැකි වෙතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.