කුකුළු මස් හා බිත්තර මිල තවත් ඉහළට

කුකුළු මස් හා බිත්තර මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි.ඔහු කියා සිටියේ කර්මාන්තය පවත්වාගෙන යාමට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම මේ වන විට ගැටළුවක් වී ඇති බවකි.මේ අතර සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසනුයේ දැනට වෙළඳ පළේ පවත්නා බිත්තර මිල අනුව කේක් ඇතුළු බේකරි නිෂ්පාදන මිල තව දුරටත් ඉහළ යා හැකි බැවින් මෙම තත්වය පාලනය කිරීමට රජය වහා මැදිහත් විය යුතු බවකි.

කාලීන පුවත්