අද(30)පස්වරුවේ කොළඹ කොටුව ප්රදේශයේ පැවැත්වීමට සංවිධාන කර තිබූ උද්ඝෝෂණය පැවැත්වීම වළක්වාලමින් කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. උද්ඝෝෂණය හේතුවෙන් මහජන පීඩාවක් ඇතිවිය හැකි බවට කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මහේස්ත්රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් මත ය.ඒ අනුව පුද්ගලයන් ඒකරාශී කරගනිමින් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණය පැවැත්වීම වළක්වාලමින් අපරාධ නඩු විධාන සංග්රහයේ ප්රතිපාදන අනුව කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.