කොවිඩ් රෝගයේ ව්‍යාප්තියත් සමඟ ඩෙංගු රෝගය ද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි..මෙම වසර තුළ ඩෙංගු රෝගීන් දහසය දහසකට අධික පිරිසක් වාර්තා වී ඇති අතර රෝගීන් සියයට 70ක් පමණ වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.කෑගල්ල,ගාල්ල,හම්බන්තොට,මහනුවර සහ කුරුණෑගල යන ප්‍රදේශවලින් ද ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වී තිබේ..දින දෙකක් අධික උණ,අධික හිසරදයක්,ඇස පිටුපස වේදනාව,හන්දි පේෂිවල වේදනාව,නාසය,සම,විදුරුමස් ආශ්රිත ලේ ගැලීම යනාදි රෝග ලක්ෂණ මෙහිදී පෙන්නුම් කෙරෙන බවත් මෙය උත්සන්නවීමෙන් ඩෙංගු රක්තපාත තත්ත්වය ඇති විය හැකි බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.. උණ ගතිය දින දෙකකට වඩා පවතිනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු අතර රුධිර පරීක්ෂාවකින් අනතුරුව රෝග විනිශ්චය කරගත හැකි බව ද. සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි. කොවිඩ් රෝගයට සහ ඩෙංගු රෝගයට අදාළ රෝග ලක්ෂ බෙහෙවින් සමානකමක් පෙන්නුම් කරන බැවින් ඒ පිළිබද දැඩි අවධානයෙන් පසුවන ලෙස ද සෞඛ්‍ය විශේෂයෙන් අවධාරණය කරයි