කොවිඩ් ආසාදිතයින් ඉහළට

කොවිඩ් -19 රෝගීන් දෛනිකව යළිත් රට තුළ වාර්තා වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, මේ දිනවල දෛනිකව යම් කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතින බවය.

පසුගිය දින කිහිපය තුළ දෛනිකව කොවිඩ් රෝගීන් 05කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.

ඊට අමතරව කොවිඩ් ආසාදිත මරණ 02ක් ද පසුගිය දින 03 තුළ සිදුව ඇති බව වාර්තා වේ.

පවතින තත්ත්වය හමුවේ අවදානම් කණ්ඩායම් කොවිඩ් මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතා වැදගත් බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළේ, රට තුළ එන්නත්කරණය සාර්ථකව සිදුකර ඇති බැවින් හඹාගොස් කොවිඩ් පරීක්ෂණ සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

කාලීන පුවත්