කොවිඩ් මතු වුණත් යළි රට වහන්නේ නෑ

නැවත කොවිඩ් රැල්ලක් මතු වීමට ඇති අවදානම සලකා නිසා රට වසා දමන්නැයි ඇතැම් සෞඛ්‍ය වෘත්තීය සමිති ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් හා පුද්ගලයන්ගෙන් වරින් වර සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉල්ලීම් ඉදිරිපත්වී ඇතත් රට වසා දැමීම මේ ප්‍රශ්නයට විසඳුම නොවන බවත් රට විවෘත කර තියෙද්දීම කොවිඩ් පාලනය කිරීම රජයේ අරමුණ බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියයි.

කොවිඩ් පැතිරීමට සාපෙක්ෂව රෝගීන්ට සංකූලතා මතුවීම ඉතාම අඩු මට්ටමක පැවතීම අස්වැසුම් දායක කරුණක් බව සඳහන් කළ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කොවිඩ් රෝගීන්ගෙන් සියයට අසූවක් පමණ නිවෙස්වලම රඳවා ප්‍රතිකාර ලබාදීමට හැකි බව ද කීය.

කාලීන පුවත්