මෙතෙක් රජය මඟින් ආදාහනය සහ භූමදානය කළ කොවිඩ් ආසාදනය වි මිය ගිය අයගේ මෘත ශරීර සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත් ව තම නිවසට ආසන්න සුසාන භූමියක මිහිදන් කිරීමට මියගිය පුද්ගලයාගේ ඥාතීනට මධ්‍යම රාත්‍රියේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය අවසර දී තිබේ. ඒ නව චක්‍රලේඛයක් නිකුත් කරමිනි. ඒ අනුව ඥාතීන් විසින් තම වියදමින් එම අවසන් කටයුතු සිදු කළ යුතු වෙයි. නමුත් පැය 24 ක් තුළ ඒවා සිදුකළ යුතු බව ද අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 පිළීබඳ ප්‍රධාන සම්බන්ධිකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා මේ බව ප්‍රකාශ කොට තිබේ.