කොවිඩ් 19 වසංගත මර්දනය සම්බන්ධ රජයේ ක්‍රියාමාර්ග විවේචනය කරන මාධ්‍යවේදීන්ට, රාජ්‍ය නිලධාරීන්ට හා වෛද්‍යවරුන්ට එරෙහිව තර්ජනය කිරීම හා හිංසනය කිරීම මෙන්ම සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රී ලංකා රජය වහාම නතර කළයුතු බව අයි.සී.ජේ. හෙවත් ජාත්‍යන්තර නීතිවේදී කොමිසම අවධාරණය කරයි.එම කොමිසම පෙන්වා දී ඇත්තේ රූපවාහිනී සාකච්ඡාවකදී අදහස් දැක්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා රහස් පොලීසිය හමුවට කැඳවා ඇති බවයි.මීට පෙර අවිස්සාවේල්ල රෝහලේ කොවිඩ් රෝගීන් ඉහළ යාම පිළිබඳව ෆේස්බුක් ඔස්සේ මත පළ වෛද්‍ය නජිත් ඉන්දික මහතා ද රහස් පොලීසිය හමුවට කැඳවා ඇති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පළ කිරීමේ චෝදනා මත විශ්වවිද්‍යාල සිසුවෙකු ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අයි.සී.ජේ. ආයතනය පෙන්වා දෙයි.අයී.සී.සී.පී.ආර් හෙවත් ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතීන් සඳහා සම්මුති නීතියේ 19 වගන්තියට අනුව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරක්ෂීත කර ඇති බව අයි.සී.ජේ. ආයතනය සඳහන් කරයි.
කොවිඩ් 19 නීති හා රෙගුලාසිවලට මුවා වී පුද්ගල බිය වැද්දීම අදහස් දැක්වීමේ නිදහසට ඇති අයිතියට ගරු කිරීම සඳහා වු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර නෛතික බැඳීම උල්ලංඝනය කරන්නක් බව ද අයි.සී.ජේ. හෙවත් ජාත්‍යන්තර නීතිවේදී කොමිසම එම නිවේදනය මඟින් රජයට අවධාරණය කරයි.