මේ දිනවල පිළිස්සුම් හානි මත රෝහල් ගත වන රෝගීන් අතුරින් උණු වතුර වලින් පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත වන රෝගීන් ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් ඒවායින් වැඩි කොටස කොවිඩ් රෝගය වැළඳුණු පසුව හෝ එය වැළඳීමෙන් වැළකීම පිණිස මුහුණට හුමාලය ඇල්ලීමට යාමේ දී සිදුව ඇති පිළිස්සීම් බවත් කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සතිශ් විජේමාන්න මහතා අද පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.එහි දී අදහස් පළ කළ වෛද්‍ය විජේමාන්න මහතා අවධාරණය කළේ කොවිඩ් සඳහා වේවා සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකාර ලෙස මුහුණට හුමාලය ඇල්ලීම ඉතා ප්‍රවේශම් සහගතව කළ යුතු බවය.