පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ කඩාවැටුණු ගස්වලින් බොහෝ සංඛ්‍යාවක් අවදානම් තත්ත්වයේ නොතිබූ ඒවා බවට තොරතුරු අනාවරණය වී ඇති බව කොළඹ මහනගර සභාව පවසයි.
වසර 50ත් 150ත් අතර පැරණි ගස් 200කට ආසන්න සංඛ්‍යාවක් අවදානම් තත්ත්වයේ ඒවා බවටයි කොළඹ මහනගර සභාව සිදු කළ විමර්ශනයක දී අනාවරණය වී තිබේ.
එම ගස්වලින් බොහෝ ප්‍රමාණයක් කද දිරායාම හේතුවෙන් කඩාවැටීමේ අවදානමට ලක්වී තිබු ඒවායි.