කොළඹ පුත්තලම පාරේ ගමනාගමනයට බාධා

කොළඹ පුත්තලම මාර්ගය මහවැව නගරය ආසන්නයෙන් ජලයෙන් යටවි තිබිම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බව අද( 19 ) පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

ආපදා කළමණාකරණ ඒකකයෙ පුත්තලම කාර්යාලය පවසන්නේ මේ වන විට මහවැව තනිවැල්ල දේවාලයෙ සිට මහවැව නගරය දක්වා මාර්ගයෙ ජලය පිරි ඇති බවත් ඇතැම් ස්ථාන වල අඩි තුනකටත් වඩා ජල කදක් මාර්ගය වසා පැවතිම හේතුවෙන් ගමනා ගමනය ඉතා අවදානම් බවයි.

මෙම තත්වය මතුව ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයට නොකඩවා ඇද හැළුන මහ වැසි මහවැව ලුණූ ඔය හා හැමිල්ටන් ඇල පිටාර ගැනිමත් සමග බව කියයි.

ජලයෙන් යටවු මාර්ගයෙ වාහන ගමන් කිරීම අවධානම් බව මාදම්පේ හා මාරවිල පොලිස්ථාන පවසයි.

කාලීන පුවත්