හෙට(01) දා සිට පෙර පරිදි ශ්‍රී ලංකාවේ සියළුම දුම්රිය ස්ථාන වල දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරෙන බවත් දුර ගමන් සේවා ඇතුළු සුපුරුදු දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කරන බවත් දුම් රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.නමුදු දුම්රිය ගමනාගමනයේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශන අකුරටම පිළිපැදීම අතිශය වැදගත් බව අවධාරණය කරන දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා පවසන්නේ නොවැම්බර් මාසයේ දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ද හෙට සිට නිකුත් කෙරෙන බව ය.