රුපියල් කෝටි 800 ක් වටිනා නිවසක් තමන් කොළඹින් හිමි කරගත් බව පවසමින් ඇතැම් විරුද්ධ පාක්ෂිකයන් මඩ ගැසුවත් මේ සිංහල අවුරුද්දෙන් පසුව තමන් මෙම නිවෙස හැර යන බව හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි.එමෙන්ම රුපියල් කෝටි 800 ක් වටිනා නිවෙසක් ශ්රී ලංකාවේ කොහේවත් නැති බවත් මෙම නිවෙස තමාට පදිංචිය පිණිස ලබාදීමට එවක කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවත් හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් කීය.