ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.ඊට අදාළ ලිපිය බාරගත් විදුලි හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මාස 14කට පෙර වඩා අභියෝගාත්මක කාලසීමාවකදී එම ධුරය භාරගෙන ඔහු විසින් කරන ලද කැපවීමට සහ සේවයට ස්තූතිවන්ත වන බවකි.පෞද්ගලික හේතුවක් මත තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව මොහොමඩ් උවයිස් මහතා දැනුම්දුන් බවද අමාත්‍යවරය සිය පණිවුඩය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.