ගංවතුර නිසා පශු සම්පත් වලට ඇතිවිය හැකි රෝග වලින් ආරක්ෂා වීමට ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (JICA) රුපියල් ලක්ෂ 80 ක ඖෂධ පිරිනමා තිබේ.
ගව, එළු, කුකුළු හා ඌරන්ට ගං වතුර තත්ත්වය නිසා වැළඳිය හැකි රෝග වලින් ආරක්ෂා වීමට පරිත්‍යාග කෙරුණු මෙම ඖෂධ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා බාර ගත්තේය. මෙම ඖෂධ තොගයට ප්‍රතිජීවක ඖෂධ, නික්ෂේපන සදහා යොදා ගන්නා ඖෂධ විශාල ප්‍රමාණයක් ඇතුලත් වන බව අමාත්‍යාංශය පවසයි.