“ගම සමඟ පිළිසඳර” ඇතැම් කොන්ත්‍රාත් කරුවන්ට වත් මුදල් ගෙවා නැහැ

නිවැරදි ජාතික ප්‍රතිපත්තියකින් තොරව දේශපාලනික වශයෙන් ගනු ලබන තීන්දු තීරණ මත ආරම්භ කරනු ලබූ බොහොමයක් සංවර්ධන ව්‍යාපෘති අතුරින් අතිශය අසාර්ථක ව්‍යාපෘතියක් වන “ගම සමඟ පිළිසඳර” වැඩ සටහන් සඳහා ඉදි කිරීම් කළ ඇතැම් කොන්ත්‍රාත් කරුවන්ට මුදල් පවා ගෙවීමට නොහැකි තත්වයක් උදා වී ඇතැයි වාර්තා වෙයි.මෙසේ ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් ගම සමඟ පිළිසඳර වැඩ සටහන් වෙනුවෙන් ඉදිකිරීම් කළ කොන්ත්‍රාත් කරුවන්ට පමණක් රුපියල් මිලියන 380ක මුදලක් ගෙවීමට ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.මේ අතර පසුගිය කාලයේ ඉදි කිරීම් ද්‍රව්‍ය මිල අසීමාන්තික ලෙස ඉහළ යාම හෙතුවෙන් හේතුවෙන්එම ව්‍යාපෘති බොහොමයක් අතර මඟ නතර කිරීමට සිදුවීම මඟින් මෙරට තුළ ගණනය කිරීමට නොහැකි ආකාරයෙන් මුදල් නාස්තියක් සිදුව ඇති බවත් ඒවාට වගකිව යුත්තන් සම්බන්ධයෙන් තාමත් කිසිදු පියවරක් නොගැනීම ජාතික අපරාධයක් බවත් සිවිල් සහ ජනතා සංවිධාන පෙන්වා දෙයි.

කාලීන පුවත්