පසුගිය කාලය තුළ ජන මාධ්‍ය මඟින් අදහස් පළ කිරීමෙන් වැලකී සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දේවගැති ජෙරම් ප්‍රනාන්දු නමැත්තා බුදු දහම සම්බන්ධයෙන් කරන ලදැයි පැවසෙන අපහාසාත්මක ප්‍රකාශයක් මුල් කොට යළිත් වතාවක් කලඑළි බැස තිබීම සම්බන්ධයෙන් බොහෝ දෙනකුගේ අවධානය යොමු ව තිබේ. වමේ කේන්ද්‍රයේ චමීර පෙරේරා මහතා ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවේදී ඥානසාර හිමියන් හදුන්වා දී තිබුණේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වොෂින් මැෂින් එකක් ලෙසිනි.