ගල්ගමු ඇත් පිළිරුව අද්දර සිඟිති නිදහස් සැමරුම් අසිරිය

77 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ගල්ගමුව ප්‍රදේශීය සභාව යටතේ ක්‍රියාත්මක පෙර පාසල් වලට අයත් දරුවන් ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද සැමරුම් උත්සවය පසුගිය 07 වන දින ගල්ගමුව ප්‍රාදේශීය සභාවට අයත් සෙනරත්ගම ගිමන් හල උද්‍යානයේ ඇත් පිළිරුව හා රණ විරු ස්මාරකය කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලදී.පෙර පාසල් පාලිකාවන්,දෙමාපියන් ද සහභාගී වූ මේ සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ප්‍රාදේශීය සභාවේ ලේකම් නිමල් රත්නායක මහතා එක් වූ අතර සෙසු ආරාධිතයන් ලෙස හිටපු යුද හමුදා කපිතාන් වරයකු වූ ගල්ගමුව ව්‍යවසාය ප්‍රවර්ධන කමිටුවේ සභාපති කලණ ගුණවර්ධන මහතා සහ රාජ්‍ය නිලධාරීන් ද එක් ව සිටියහ.

කලණ ගුණවර්ධන සහ නිමල් රත්නායක යන මහත්වරු
රණ විරු ස්මාරකය
සෙනරත්ගම ගිමන් හල උද්‍යානයේ ඇත් පිළිරුව
සෙනරත්ගම ගිමන් හල උද්‍යානයේ ඇත් පිළිරුව

හරිත දනව්ව