මේ දිනවල ගවයින් අතර පැතිර යන සමේ ගැටිති සහිත රෝගය බස්නාහිර පළාතටත් ව්‍යාප්ත වෙමින් පවතින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා අවධාරණය කරනුයේ තත්වය පාලනය කිරීම සඳහා බලධාරින් කඩිනමින් ක්‍රියාකළ යුතු බවය.සතුන්ට ඇවිදීමේ නොහැකියාව ආහාර ගැනීම අඩුවීම ආදී ලක්ෂණ ද සහිත මෙම රෝගයෙන් වසු පැටවුන් මිය යාමක් ද වාර්තා වන බැවින් මෙම රෝගය පාලනයකට ලක් කරන තෙක් ගව මස් ආහාරයට ගැනීමෙන් වළකින ලෙසට සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.