ග්ලයිෆොසේට් තහනම ඉවත් කළ පළිබෝධ නාශක රෙජිස්ටාර් තනතුරෙන් නෙරපයි

රජයේ තීරණයන්ට පටහැනිව ග්ලයිෆොසේට් පළිබෝධ නාශක තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා එම තනතුරෙන් වහාම ඉවත් කිරීමට උපදෙස් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.පළිබෝධනාශක රෙජිස්ට්‍රාරවරයා ග්ලයිෆොසේට් තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බව ඇමති වරයා සඳහන් කළේය.මේ පුද්ගලයා ඊයේ දිනයේම එම තනතුරෙන් ඉවත් කිරීමට තමා උපදෙස් දුන් බව පැවසූ ඇමැතිවරයා ග්ලයිෆොසේට් තහනම යළි පැනවීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බව ද සඳහන් කළේය.

කාලීන පුවත්