ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති විශාල මුදලකින් මිල ඉහළ දැමීමට ඒවා ආනයනයන කරන සමාගම් ඉල්ලා සිටීමෙන් එම භාණ්ඩ තුනේ නව මිල තීරණය කිරීම හෙට(11)තෙක් කල්දැමීමට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා තීරණය කර තිබේ.
ගෑස් සමාගම් කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1000 කට ආසන්න මුදලකින් ද, සිමෙන්ති සමාගම් සිමෙන්ති කොට්ටයක් රුපියල් 180 ක පමණ මුදලකින් ද, තිරිඟු පිටි සමාගම් කිලෝවක් රුපියල් 20 ක පමණ මුදලකින් ද, මිල ඉහළ දැමීමට ඉල්ලා සිටින බවත් එම මිල ගණන්වලට පාරිභෝගික කටයුතු අධිකාරිය එකඟ නොවීම නිසා නව මිල ගණන් ප්‍රකාශයට පත්කිරීම කල්ගිය බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.නමුත් ඉහත සඳහන් ද්‍රව්‍ය වලට පැනවූ උපරිම සිල්ලර මිල ගැසට් පත්‍රයක් මඟින් අහෝසි කිරීම නිසා එහි වාසිය වෙළඳුන්ට අත් වන බවට විවිධ පාර්ශවයන් මේ වන විටත් පෙන්වා දී තිබේ.