ගිනිකෙළි අලෙවිය පහළ බසී

මෙවර උත්සව සමයේ ගිනිකෙළි භාණ්ඩ අලෙවිය වාර්තා ගත ලෙස පහත වැටී ඇතැයි වෙළඳ පළ ආරංචි මාර්ග කියයි.දැනට වෙළඳ පළේ පවතින ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සාමාන්‍ය ජනතාවට දරාගත් නොහැකි ලෙසින් ඉහළ යාම මත මෙවර අවුරුදු සමයේ රෙදි පිළි අලෙවිය ද සැළකිය යුතු ලෙසින් පහත වැටී තිබූ බවත් අනාවරණය විය.මේ අතර ගිනිකෙළි  භාවිතයේදි දැඩි අවධානයෙන් කටයුතු කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට අවවාද කරයි. කුඩා දරුවන්ට ගිනිකෙළි භාණ්ඩ දැල්විමට ඉඩ නොදෙන්නැයි ඉල්ලිමක් කෙරේ. බීමතින් ගිනිකෙළි භාණ්ඩ දැල්විම ද අනතුරුදායක බව පෙන්වා දෙන සෞඛ්‍ය අංශ අලුත් අවුරුදු සමයේ සිදුවන මාර්ග අනතුරු සංඛ්‍යාව ද ඉහළ මට්ටමක පවතින බැවින් බීමතින් රිය පැදවිමෙන් වලකින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කාලීන පුවත්