ගිනිකෙළි රතිඤ්ඤා අලෙවියේ පසුබෑමක්;කර්මාන්ත කරුවන් අනතුරේ

මෙවර නතතල් සමයේ ගිනිකෙළි අලවිය විශාල වශයෙන් අඩු වූ බව මීගමුව, කිඹුලාපිටියේ පාරම්පරික සුළු හා මධ්‍යපරිමාන ගිනිකෙළි කර්මාන්ත කරුවෝ පවසති.
පසුගිය සිංහල අවුරුද්දේ ගිනිකෙළි අලවිය සාපේක්ෂව මෙවර නතත්ලේ ගිනිකෙළි අලවිය 60 % -80 %දක්වා අඩු වූ බවත් අමුද්‍රව්‍ය හා නිෂ්පාදන මිල ඉහළයාමට සාපේක්ෂව නිසා ගිනිකෙළි සහ රතිඤ්ඤා මිල ඉහල යාමත් රටේ බහුතරයක් තුළ මෙවැනි කටයුතු සඳහා මුදල් නොමැති වීමත් එසේ අලවිය අඩුවීමට හේතු වී ඇති බව ද ඔවුහු පවසති.සාමාන්‍යයෙන් ගිනිකෙළි සහ රතිඤ්ඤා තොග මිලට ලබා ගැනීමට පිටපළාත් වලින් ජනතාව විශාල වශයෙන් කිඹුලාපිටියට පැමිණෙන නමුත් මෙවර ඔවුන්ගේ පැමිණීමද විශාල වශයෙන් අඩුවිම ද අලවිය අඩුවීමට හේතුවක් වී ඇති බව ද පවසන ඔවුහු නත්තල්,ජනේරු සහ සිංහල අලුත් අවුරුදු කාල වලදී පමණක් විශාල වශයෙන් ඉහළ යන ගිනිකෙළි සහ රතිඤ්ඤා අලෙවිය මේ අයුරින් පහත වැටීම මත එම කර්මාන්තය සේම තම දිවි පැවැත්ම ද ඛේදනීය තත්වයකට පත් ව ඇතැයි පවසති.

කාලීන පුවත්