පාසල් ආරම්භ වූ පසුව වර්ජනයේ නිරත වන වයඹ පළාත් ගුරු – විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මස වැටුප අත්හිටුවන බව පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පවසයි.
වැටුප් විෂමතාවලට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා ගුරු විදුහල්පති සංගම් ඔන්ලයින් ඉගැන්නුම් කටයුතුවලින් ඉවත්ව ආරම්භ කළ වැඩ වර්ජනයට දින 100කි.
කෙසේවෙතත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කළේ එළැඹෙන 25 වනදා සිට ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීමටය.