ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසයි.
මේ වන විටත් ගැසට් කර තිබෙන කාන්තාවන් සවිබලගැන්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් පසු ජාතික කාන්තා කොමිසම පිහිටුවීමට අවස්ථාව හිමි වන බව ද ඇය සඳහන් කරයි.
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව කියා සිටියි.