ගෙදර දොර ඇති දැඩි කරන සුනඛයන් බළලුන් ආදී සුරතල් සතුන්ගේ ලොම් නිසා රෝග වැළඳෙන බව සමාජය තුළ ඇති ප්‍රචලිත මතයකි.ඇතැම් වෛද්‍ය වරුන් තුළ පවා මෙම දුර්මතය පවතින බව පෙනෙයි.සමහරු මේවා”මාරාන්තික රෝග” ලෙස ද හඳුන්වති.නමුත් සුනඛයන් සහ බළලුන් ඇති කිරීම මිනිස් ශිෂ්ඨාචාරයේ අනාදිමත් කාලයක් දක්වා දිව යන්නකි.යම් ආකාරයකින් සුනඛයන් බළලුන් ආදී සුරතල් සතුන්ගේ ලොම් නිසා රෝග වැළඳෙන බව අතීත සමාජයට ප්‍රායෝගික ලෙස පසක් වී නම් ඔවුන් සුරතල් සතුන් ගෙන් අත් මිදෙනු ඇත.නමුත් එවැන්නක් ද සිදුව නැත. එනිසා මෙය පුළුල්ව විග්රහ කළ යුතුය. මන්ද , මෙය නිරවද්‍ය තොරතුරකට වඩා සාවද්‍ය තොරතුරක් නිසා ය.
සුනඛයන්ගේ සහ බළලුන්ගේ ලොම්වලින් අසාත්මිකතා ඇති වන්නේ නැත. නමුත් ඔවුන්ගේ මුත්‍රා, කෙළ ආදියෙහි ඇති කුඩා අංශු වාතයට මිශ්‍ර වී සමහරුන්ට අසාත්මික වීමට පුළුවන. නමුත් එය ද ඉතාමත්ම අඩු තත්වයකි. දැඩි පෑවිල්ල ඇති සමයට අපි ඊට වඩා බොහෝ සෙයින් දූවිලි ආඝ්රානය කරමු. මෙම දූවිලිවල තවත් බොහෝ දෑ අඩංගු ව පවතී.
අපේ රට ඇතුළුව තවත් බොහෝ රටවල ප්‍රධාන වශයෙන්ම අසාත්මිකතා ඇති වන්නේ ගෘහාශ්‍රිත පරිසරයන් හි වෙසෙන දූවිලි මැක්කා නිසා ය. සුනඛයන්ගෙන් සහ බළලුන්ගෙන් අසාත්මිකතා ඇති වීම ඉතාමත්ම අඩු ය. එනිසා මෙය මිථ්‍යා මතයකි. මේ සම්බන්ධ පර්යේෂණ ලොව පුරා යුරෝපීය රටවල්වල සේම ආසියාවේ ද , විශේෂයෙන් අපේ අසල්වැසි ඉන්දියාවේ පවා සිදුකර සනාථ කරගෙන ඇත.
යුරෝපයේ ගම්බද ගොවි ගෙවල්වල දරුවන්ට ඇදුම පීනස වැනි අසාත්මික රෝග නගරබද ළමයින්ට වඩා ඉතා අඩු ය. එයට හේතුව ලෙස අනාවරණය කරගෙන තිබුණේ ස්වභාවික පරිසරය සමග ළමයින් ජීවත් වීම නිසා අසාත්මිකතා රෝග අඩුවන බව ය.
විශේෂයෙන් සුනඛයන්, බළලුන්, එළුවන්, හරකුන්, බැටළුවන් ආදී සතුන් අතපත ගාමින් සිටින විට නිතරම ස්වභාවික බැක්ටීරියා සහ ක්ෂුද්‍ර ජීවීන් සමග සිටීම නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියෙහි වෙනසක් ඇතිවේ. නමුත් නගරයේ ජීවත් වන දරුවන්ට මෙම අත්දැකීම් ලැබෙන්නේ ලැබෙන්නේ නැත. ඉන්දියාවේ ද ද මෙම කරුණ මේ ආකාරයෙන්ම සාක්ෂි සහිතව සනාථ කර තිබේ.
මේ අනුව ඇදුම රෝගයෙන් පෙළෙන දරුවකුට ප්‍රතිකාර කරන යම් වෛද්‍යවරයකු දරුවාගේ සුවපත් වීම සඳහා නිවසේ සුනඛයා හෝ බළලා ඉවත් කරන්නැයි පවසන්නේ නම් කිව හැකිව තිබෙන්නේ එම වෛද්‍යවරයාට අසාත්මිකතාවය නමැති විෂය පිළිබඳ නිසි දැනීමක් නැති බවයි. එනිසා රෝගියකුට එවැනි උපදෙසක් දීමට පෙර දැනට වසර විස්සකට තිහකට එහා සිටම ලෝකයේ මේ සම්බන්ධයෙන් කර තිබෙන පර්යේෂණ වාර්තා කියවා බැලීම සුදුසු බව මගේ අදහස ය.
ළමයකුට යම් අසාත්මික රෝගයක් ඇතිවූ විට එය හට ගැනීමට හේතු වූයේ යම්කිසි ද්‍රව්‍යයක් ද, නැතහොත් සතකු ද යන්න රුධිර පරීක්ෂණයක් මගින් සොයා බැලීමේ හැකියාව ඇත. මෙය මිලෙන් තරමක් වැඩි වුවත් අපේ රටේ බහුලව කළ හැකි පරීක්ෂණයකි. එසේම චර්ම රෝග පරීක්ෂණයක් මගින් ද මෙය අනාවරණය කරගත හැකිය. මෙම පරීක්ෂණ සිදු කර ගත යුත්තේ අසාත්මික රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙතිනි.
කුඩා දරුවන්ට සුරතල් සතුන් නිසා අසාත්මික රෝග ඇති වන්නේ යැයි තිබෙන මතය හේතුවෙන් සමහරුන් සුරතල් සතුන් නිවසින් පිටමං කිරීම දරුවන්ගේ පැත්තෙන් ඉතාමත් අහිතකර ය. ඇදුම රෝගය ඇතිවන්නට මානසික ගැටලු ද බලපායි. නිවසේ ඇති දැඩි කරන සුරතල් සතා බොහෝ විටම එම පවුලේ කුඩා දරුවන්ගේ ලෙන්ගතු හිතවතා ය. එනිසා එවැනි සතෙකු නිවසින් පිටමං කිරීම ද දරුවන්ට ඇදුම රෝගය වැඩිවන සාධකයක් වේ. ඒ නිසා සුරතල් සතුන් සම්බන්ධයෙන් බොහෝ දෙනකු දරන මතය නිවැරදි නොවන බව කිව හැකිය.
ළමා සහ අසාත්මිකතා රෝග විශේෂඥ
වෛද්‍ය අජිත් අමරසිංහ සටහන: ඉන්දු පෙරේරා