ගොර්බචොෆ්ගේගේ අවමඟුලට පුටින් නොයයි සෝවියට් සංගමයේ අවසන් නායකයා වන මිහායිල් ගොර්බචොෆ්ගේ අවමංගල්‍ය උත්සවයට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහභාගී නොවන බව ක්‍රෙම්ලිනය තහවුරු කොට තිබේ.එහි ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ සෙනසුරාදා(03) පැවැත්වෙන උත්සවයට සහභාගී වීමට පුටින්ගේ කාලසටහන ඔහුට ඉඩ නොදෙන බවකි.ගොර්බචොෆ් අඟහරුවාදා මිය යන විට 91 වැනි වියේ පසුවූ මොස්කව් රෝහලේදී රුසියානු නායකයා සිය ගෞරවය පුද කළ බව ඔහු පැවසීය.කෙසේ වෙතත්, බදාදා ව්ලැඩිමීර් පුටින් ගොර්බචොෆ්ගේ පවුලට යැවූ ශෝක පණිවුඩයේ සටහනක් තබමින් මිහායිල් ගොර්බචොෆ් යනු ලෝක ඉතිහාසයේ ගමන් මගට විශාල බලපෑමක් කළ දේශපාලනඥයෙකු සහ රාජ්‍ය නායකයෙකු ලෙස හඳුන්වා තිබිණ.