ගොවි වන්දිය ජනවාරි 30 සිට

හානියට පත් වගාවන් සඳහා ගොවි ජනතාවට වන්දි ලබාදීමේ වැඩපිළිවෙල ලබන 30 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

ලබන පෙබරවාරි මාසය වන විට සියලු ගෙවීම් සිදුකර අවසන් කරන බවටයි ඒ මහතා ප්‍රකාශ කරයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකරනලදි.

මේ අතර වී සඳහා සාධාරණ මිලක් නියම කරන බව ප්‍රකාශ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා සහල් සඳහා පාලන මිලක් නියම කරන බවද ප්‍රකාශ කර තිබේ.

වී මිලදීගැනීම සඳහා පළමු අදියරේදී රජය රුපියල් බිලියන 5ක් වෙන් කර ඇති බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා ප්‍රකාශ කර සිටියි.

කාලීන පුවත්